February, 16, 2016
සමාරම්භක ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2016 මාර්තු 15 වන දින සිංගප්පූරුවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ෆයිනෑන්ස් ඒසියා නිවේදනය කර සිටී.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්දුන් මහතා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ගණනාවක ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මෙම එක් දින ආයෝජන සමුළුව සඳහා සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා පිළිබඳ ජාත්‍යන්තර ආයෝජකයින් දැනුවත් කිරීමටත්, පුද්ගලික අංශයේ සමාගම් සඳහා අරමුදල් සම්පාදනය සඳහා ආයෝජකයින් හමුවීමටත් මෙය ඉතා අගනා අවස්ථාවක් බව සංවිධායකයින් ප්‍රකාශ කර සිටී.
Video Story