ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාරික හමුව 2016 අද

    March, 8, 2016

    ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාරික හමුව 2016 (Sri Lanka Investment and Business Conclave 2016) අද (08) සන්ධ්‍යාවේ කොළඹ දී ආරම්භ වීමට නියමිතය.

    මේ සඳහා රටවල් 27 කින් විභව ආයෝජකයින් 125 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බව ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විධායකයින් 130 දෙනෙකු ද මෙම හමුව නියෝජනය කරනු ලබන බවත් ව්‍යාපාරික සහයෝගීතා සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් බව වාණිජ මණ්ඩලයේ අදහසයි.