ශ්‍රී ලංකා ආර්ථිකය 2024 පළමු කාර්තුවේ දී 5.3% කින් ඉහළට

    June, 14, 2024

    2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. 2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

    2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී තිබුණු අතර එය 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රු. මිලියන 3,329,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.