ශ්‍රී ලංකා – ඉන්දුනීසියා සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03ක්

    January, 25, 2018

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව  ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. 
    දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල,ජෝන් අමරතුංග, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර, සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.