ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල්, ඉන්දුනීසියාවේදී 2වන General Insurance Pinnacle Achiever සම්මාන උළෙල පවත්වයි

    January, 19, 2026

    -සාමාන්‍රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය සඳහා ගෝලීය මිණුම් ලකුණක්-

    මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි, ශ්‍රී ලංකාවේ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLICGL) සමාගම විසින්, වාර්ෂිකව පවත්වනු ලැබූ 2වන General Insurance Pinnacle Achiever (GIPA) සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී සාඩම්බරව පවත්වනු ලැබීය. එම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික සාමාන්‍ය රක්ෂණ අලෙවි නිලධාරීන් 33 දෙනෙකු සහ ඉන්දුනීසියානු අලෙවි නිලධාරීන් 10 දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී.

    ඉන්දුනීසියාවේ J.B. බෝඩා සමාගම සමඟ සහයෝගීතාවය ඇතිව පවත්වන ලද මෙම සම්මාන උළෙල හරහා තිරසර භාවිතයන්, පාරිභෝගික කේන්ද්‍රීයභාවය සහ වෘත්තීය මට්ටමේ භාවිතාවන් හඳුනා ගැනීම ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩයන් ඔස්සේ කරනු ලැබූ පුළුල් අලෙවි ධාරිතාවන්වල විශිෂ්ටත්වය සමරනු ලැබිණි.

    GIPA සම්මාන උළෙල යනු, ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ අලෙවි වෘත්තිකයන් පමණක් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් නිර්මාණය වූ ඇගයුම් වේදිකාවයි. එය SLICGL සමාගම විසින් ආරම්භ කරනු ලැබූ අතර විදේශීය ජයග්‍රාහකයින් සමඟ GIPA සම්මාන උළෙල පැවැත්වීම හරහා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, ප්‍රගමනය සහ ගෝලීය සහයෝගීතාවය පවත්වා ගැනීම සඳහා SLICGL විසින් දක්වනු ලබන දිගුකාලීන කැපවීම මැනවින් ප්‍රදර්ශනය කෙරිණි.

    වසර 60 කට වැඩි කාලයක් පුරා SLIC සමාගම, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ පිළිගත් ප්‍රමුඛයෙකු බවට පත්ව ඇත. ගෝලීය මට්ටමින් සාමාන්‍ය රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා දිගුකාලීනව හිඩැසක් නිර්මාණය වී ඇති බව SLICGL විසින් හඳුනා ගන්නා ලදී.

    ජීවිත රක්ෂණය, මිලියන් ඩොලර් එකමුතුව (Million Dollar Round Table- MDRT) සහ ජීවිත රක්ෂණ අලෙවිකරණ හා පර්යේෂණ සංගමය (Life Insurance Marketing and Research Association - LIMRA) වැනි අපේක්ෂිත ජාත්‍යන්තර මිණුම් මට්ටම් ස්ථාපිත කර ඇත. MDRT යනු, ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඉහළම කාර්යසාධනයක් සහිත වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වය, ආචාර ධර්ම සහ පාරිභෝගික සේවාවන් පිළිබඳව හඳුනා ගැනෙන ගෝලීය සංගමයකි. LIMRA යනු, ජාත්‍යන්තර පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධන ආයතනයක් වන අතර එය ක්ෂේත්‍රය තුළ අගයන මිණුම් මට්ටම් නිර්මාණය කරමින්, ලොව පුරා සමාගම් 850 කට වැඩි සංඛ්‍යාවකට පුහුණුව, දැනුම සහ ප්‍රමිතීන් සලසා දෙන සංගමයකි.

    ඒ අනුව, SLICGL විසින් 2023 වසරේ දී GIPA සම්මාන උළෙල ව්‍යුහගත පිළිගැනීම් සහ සංවර්ධන රාමුවක් ලෙස සංකල්පනය කෙරිණි. ධාරිතාවය හඳුනාගැනීම, නව ව්‍යාපාර දායකත්වය, ව්‍යාපාර රඳා පවත්වා ගැනීමේ සාර්ථකත්වය, වසරින් වසර වර්ධනය, ව්‍යාපාර තිරසරභාවය හා ලාභදායීත්වය සහ ජාතික හෝ ආයතනික ශ්‍රේණිගත කිරීම ඇතුළු ක්‍රියාකාරී මූලිකාංග හයක් මත ගොඩනගා ඇති GIPA, වෘත්තීයභාවය, තිරසරභව සහ සාමාන්‍ය රක්ෂණ විකුණුම් වල පාරිභෝගික වටිනාකම සඳහා නව ගෝලීය මිණුම් ලකුණක් ස්ථාපිත කරයි. එහි පිළිගැනීම් මට්ටම් සඳහා GIPA Achiever, GIPA Star, සහ GIPA Legend යන ඇගයුම් නාමයන් ඇතුළත් වේ.

    ඊට අමතරව, සම්මානවල සුවිශේෂී වටිනාකම පවතින්නේ එය ගෝලීය වශයෙන් ප්‍රථම ස්ථානයේ රැඳී සිටීම තුළය. ජාත්‍යන්තර කාර්ය සාධන පරාමිතීන් මත පදනම් වෙමින් ස්වාධීන, ප්‍රමිතිගත සහ වෘත්තීයමය වශයෙන් නියාමනය වන ඇගයීමක් පිරිනැමීමට සම්මාන උළෙල අපේක්ෂා කරයි. ඔවුන් දශක ගණනාවක් පුරා ක්ෂේත්‍රයේ පැවති හිඩැස් පුරවාලමින්, ස්ථාපිත ජීවිත රක්ෂණ මිණුම් සලකුණු හා සමානව සාමාන්‍ය රක්ෂණ අලෙවිය ගෙන ඒමට උත්සාහ කරයි. එමෙන්ම අලෙවි වෘත්තිකයින් සඳහා ද, GIPA ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය ගමන් මගක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි.

    GIPA ක්‍රම ක්‍රමයෙන් ජාතික මට්ටමේ අරම්භයක සිට ජාත්‍යන්තර වේදිකාවක් දක්වා උසස් කරනු ලබයි. ලොව පුරා සාමාන්‍ය රක්ෂණ වෘත්තිකයින් අතර දැනුම හුවමාරුව වර්ධනය කිරීමට, වෙළඳපොළ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකාව වැනි නැගී එන වෙළඳපොළවල් ස්ථාපිත කිරීමට සහ ගෝලීය වශයෙන් පිළිගත් කර්මාන්ත රාමුවලට නායකත්වය ලබා දීමට SLICGL සමාගම නිරන්තරයෙන් ප්‍රයත්න දරයි.