March, 31, 2026
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන ක්ෂේත්රය සමඟ පවතින සබඳතාවයන් වර්ධනය කරමින්, SLIIT සමඟ ඇති කරගනු ලැබූ සිය උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව දෙවන වසරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව එම සහයෝගීතාවය යටතේ මෙරටේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ජාතික ගුරු සම්මාන උළෙල (National Educator Awards - NEA) සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත්ව තිබේ.
NEA සම්මාන උළෙල යනු, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති විශිෂ්ට ගුරුවරුන් ඇගයීම සඳහා වන පිළිගත් සම්මාන උළෙලකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සහ SLIIT ආයතනය අතර මෙම සහයෝගීතාවය ප්‍රථම වරට 2024-2025 වසරේදී ආරම්භ වූයේ, ජාතික ගුරු සම්මාන උළෙල (NEA) සඳහා සහය වෙමින්, ‘ගුරු බුහුමන්’ රක්ෂණ ක්‍රමය හරහා රටේ ගුරුවරුන් බලගැන්වීමේ පොදු අරමුණ පදනම් කර ගෙනයි. පුරෝගාමී සහයෝගීතාවයක් ලෙස ආරම්භ වූ මෙම සම්මාන උළෙල, මේ වන විට ගුරුවරුන්ගේ සාධනීය ප්‍රතිචාර සහ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඉහළ පිළිගැනීමක් හිමි කර ගැනීමටත් සමත්ව තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් ගුරුවරුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘ගුරු බුහුමන්’ රක්ෂණ ආවරණය යනු, අනාගත පරපුර පෝෂණය කිරීම සඳහා ඔවුන්ට මඟ පෙන්වන ගුරුවරුන්ට ගෞරව උපහාර පිදීමක් වශයෙන් සහ ඔවුන්ගේ සුරක්ෂිතතාව සඳහාම සැකසූ විශේෂිත රක්ෂණ විසඳුමකි.
සිය සාර්ථක ගමන, 2025 වසරේ සිට 2026 වසර දක්වා තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ජාතික ගුරු සම්මාන උළෙලේ නිල රක්ෂණ සහකරු ලෙස තවදුරටත් කටයුතු කරමින්, 'ගුරු බුහුමන්' රක්ෂණාවරණය හරහා ගුරුවරුන්ගේ දෛනික ජීවිතයට මෙන්ම ඔවුන්ගේ නිවසේ ආරක්ෂාව සඳහා ද සුවිශේෂී මූල්‍ය සුරක්ෂිතතාවක් ලබා දෙමින්, රුපියල් 1,000,000ක පුද්ගල අනතුරු රක්ෂණාවරණයක් සහ රුපියල් 3,000,000ක නිවාස රක්ෂණාවරණයක් පිරිනමයි.
ගුරු බුහුමන් රක්ෂණාවරණය, ගුරුවරුන් වෙනුවෙන් පිදෙන සාම්ප්‍රදායික තෑගි වෙනුවට වඩාත් අර්ථවත් වූ රක්ෂණ විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකිය. ගුරුවරුන්ගේ නිවස සහ ජීවිතයේ සුරක්ෂිතතාවය මැනවින් ආරක්ෂා වී ඇති බවට අගනා සහතිකයක් ලබා දෙමින්, සහනදායී වාරිකයක් සහිතව, ඔවුන්ට මානසික නිදහස තිළිණයක් ලෙසින් පිරිනැමීමට දෙමාපියන්ට සහ සිසුන්ට දැන් අවස්ථාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික රක්ෂණකරු වශයෙන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි වගකීම ව්‍යාපාරික අරමුණු මත පමණක් පදනම් නොවී, රටේ අනාගතය ගොඩනගන ජනතාව සුරක්ෂිත කිරීමේ ජාතික වගකීමක් දක්වා විහිදේ. ගුරු බුහුමන් යනු එම කැපවීම මැනවින් විදහා දක්වන්නකි. හෙට දවස නිර්මාණය කරන ගුරුවරුන් සඳහාම විශේෂයෙන් සකස් කළ මෙම රක්ෂණ සැලසුම හරහා ඔවුන්ට අවශ්‍ය සුරක්ෂිතභාවය ලබාදීම සහතික කරනු ලබයි.
තවද, සාමාන්‍ය රක්ෂණ සේවාව යනු වාහන රක්ෂණ ආවරණයකට පමණක් සීමා නොවී, ජනතාවගේ නිවාස, රැකියා මෙන්ම සමස්ත ප්‍රජාවම සුරක්ෂිත කිරීම සඳහා වූ පුළුල් සේවාවකි. රටේ අනාගතය ගොඩනැගීමට වෙහෙසෙන ගුරුවරුන් සුරක්ෂිත කරමින්, ජාතියේ රක්ෂණකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ගුරු බුහුමන් රක්ෂණාවරණය හරහා ඔවුන්ගේ මානසික නිදහස තහවුරු කිරීමට කටයුතු කර ඇත.
Video Story