December, 5, 2025
සේවා විශිෂ්ටත්වය හඳුනාගනිමින් සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දිරිගන්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් ‘Unstoppable Together’ යන තේමා පාඨය යටතේ, 2024 වාර්ෂික සම්මාන උළෙල, සිය අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කරමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ වෙළඳපොළ ප්‍රධානියා ලෙස ඉහළම පිළිගැනීමකට පත්ව සිටින SLICGL හි විශිෂ්ටයන්ගේ කැපවීම, උත්සාහය සහ ප්‍රතිඵල මෙම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමරනු ලැබීය. 2024 වාර්ෂික අලෙවි සම්මාන උළෙලේදී, අඛණ්ඩව අපේක්ෂා සහගත අරමුණු අතික්‍රමණය කළ, පාරිභෝගික විශ්වසනීයත්වය වර්ධනය කළ සහ ව්‍යාපාර පුළුල් අයුරින් මෙහෙයවූ ඉහළම කාර්යසාධනයක් සහිත අලෙවි වෘත්තිකයින් ඇගයීමට ලක් කරනු ලැබූ අතර, ඒ හරහා තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ ඇගයීම වෙනුවෙන් සමාගම කරනු ලබන කැපවීම මැනවින් පිළිඹිබු කෙරිණි.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවති මෙම ඇගයීම් සම්මාන උළෙල සඳහා SLICGL හි සභාපති, අධ්යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු දිවයිනේ සෑම ශාඛාවක්ම නියෝජනය කරමින් අලෙවි වෘත්තිකයන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා, අලෙවි කණ්ඩායම්වල අඛන්ඩ කැපවීම පිළිබඳව අගය කරමින් මෙසේ අදහස් පැවසීය. ''SLICGL හි සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අපගේ ජනතාවගේ ශක්තිය මතයි. අද රාත්රියේදී අපි ඉහළම දක්ෂතා විදහා දැක්වූ ජයග්‍රාහකයින් සහ අපව ඉදිරියට ගෙන යන සාමූහික කණ්ඩායම් වල ජයග්‍රහණ සමරනනවා. ‘Unstoppable Together’ යන තේමා පාඨයෙන් කියවෙන්නේ එකමුතුකම, අඛන්ඩව රඳා පැවැත්ම සහ අධිෂ්ඨානයයි. මේ ගුණාංග තුළින් SLICGL හට ක්ෂේත්රයේ නව මිණුම් සලකුණු තැබීමට අවශ්‍ය මඟ පෙන්වනු ලබනවා.''
මෙම සම්මාන රාත්‍රිය සමාගමේ ශක්තිය හා එකමුතුකම විදහා දක්වමින් ඉතාමත් වර්ණවත් අයුරින් පැවති අතර, එහි තේමාව වූ නොනවතින කණ්ඩායම් සාමූහිකත්වය උත්සවය පුරාවට මැනවින් පිළිබිඹු කළේය. මේ තුළින් SLICGL, තම ජනතාව සවිබල ගැන්වීමට සහ තිරසර අභිවෘද්ධිය උදෙසා මග පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගිකභවතුන් පදනම් කර ගත් සංස්කෘතියක් ගොඩනැගීම සඳහා දක්වන දායකත්වය පෙන්නුම් කරන ලදී.
පුද්ගල කාර්ය සාධනය හඳුනා ගැනීමට අමතරව, 2024 වාර්ෂික අලෙවි සම්මාන උළෙල හරහා සමාගමේ වර්ධන ගමන් මග හැඩගැස්වීමට සහ රක්ෂණ ක්ෂේත්රය තුළ සමාගමේ නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින SLICGL හි අලෙවි බලකායේ සාමූහික ශක්තිය ඉතාමත් හොඳින් ප්‍රදර්ශනය කරනු ලැබිණි.

Video Story