ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට ජෙට්වින් හරසර

    August, 6, 2016

    ඕස්ට්‍රේලියාවට එරෙහිව වසර 17 කට පසු ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීමට ජෙට්වින් ලයිට් හවුස් හෝටලය එක් වී තිබේ.

    ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද දින අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 229 ක ජයක් හිමිකර දෙමිනි.

    ගාල්ල තරඟය පැවැත්වෙන අතරතුර දී ශ්‍රී ලංකා පිල නවාතැන් ගෙන සිටියේ ගාල්ලේ ජෙට්වින් ලයිට් හවුස් හෝටලයේය.

    අද දින තරඟය අවසන් වී හෝටලය බලා ආ ශ්‍රී ලංකා පිලට විශේෂ පිළිගැනීමක් අද සවස් යාමයේ ලැබුණු අයුරු ජායාරූපවලින් දැක්වේ.