ශ්‍රී ලංකා ටෙලිකොම් ‘SLT e-Senior’ මඟින් පරම්පරා යා කරයි

    October, 29, 2019

    තාක්ෂණික ලෝකයේ නවතම දියුණුව සහ පරවණතාවන් සමඟ වර්තමානය වන විට පරම්පරා අතර වෙනස වඩාත් පුළුල් වී තිබේ. මෙහි පරතිඵලයක් ලෙස 2019 ජුලි 24 දින ශීර ලංකා ටෙලිකොම් ආයතනය සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ පියවරක් ලෙස 'SLT e-Senior' වැඩසටහන් හරහා මෙම පරම්පරා එකිනෙකට සමීප කරවීමේ ගමන ආරම්භ කළේය. ගෝලීය වශයෙන් ඩිජිටල්කරණය වේගවත්ව පුළුල් වීම නිසා ජ්යෙෂ්ඨ පුරවැසියන් එදිනෙදා ජීවන කටයුතු වලදී මුහුණ දෙන ගැටලූ ජයගැනීමට මෙම වැඩමුළුව සකසා තිබිණි. විශරාමික වැඩිහිටියන් ඇතුළුව සැළකිය යුතු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.

    වගකීමෙන් යුතු ආයතනික පුරවැසියෙකු වශයෙන්  SLT ආයතනය සිය ජාලකරණ සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ පරතිපත්ති සකස් කිරීමේදී ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික සේවා සැපයුම්කරු වශයෙන් අවට පරජාවගේ සංවර්ධනය කෙරෙහි අතිශය වැදගත්කමක් තබයි. එබැවින් SLTහි ආයතනික සමාජ වැටසටහනේ අංගයක් වශයෙන් ශරී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හා සේවාවන් දැරිය හැකි මිලකට ලබාගැනීම පුළුල් කිරීම මඟින් ඩිජිටල් බෙදීම යා කිරිමට කැපවී සිටියි.

    ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පණිවුඩ හුවමාරු කිරීමේ කුසලතා දියුණු කිරීමේ මඟක් ලෙස මෙම වැඩමුළුව සකසා තිබිණි. එහි පරතිඵලයක් ලෙස මෙම වැඩමුළුව මඟින් සහභාගිවූවන්ට පරයෝජනවත් Links සහ උදව් දෙන ඉඟි ආදියද සමඟ වැඩිහිටි පරම්පරාවන්ට තොරතුරු සන්නිවේදන තාක්ෂණය වඩාත් සමීප කරවමින් අන්තර්ජාල හා ශීර ලංකාවේ තිබෙන e  සේවාවන් භාවිතා කරන ආකාරය පිළිබඳවද වඩාත් සරල දැනුමක් ලබාදෙන ලදී. එබැවින් මෙම වැඩමුළුව මඟින් සහභාගි වූවන් තරමක තාක්ෂණික දැනුම ඇති පුද්ගලයන් බවට පත්කරමින් වැඩිහිටි පරම්පරාවේ යහපැවැත්ම හා ස්වාධීනත්වය වැඩි දියුණු කරන ලද අතර ඒ අනුව තාක්ෂණික දැනුමෙන් පිරිපුන් නව පරම්පරාවන් හා සම්බන්ධ වීමටත් අවබෝධය ඇති කිරීමටත් මෙම පුරවැසියන්ට උදව්දෙන තව තාක්ෂණයන්ට වැඩිහිටි පරම්පරාව සමීප කරවීම මෙහිදී සිදුකෙරිණි.