November, 27, 2024
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වේ. බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතී.
ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය සහ විදේශීය අංශයේ වත්මන් හා අපේක්ෂිත ආර්ථික ප්රවණතා මෙන්ම අවදානම් හා අවිනිශ්චිතතා මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ තීරණයට එළැඹිණි. විශේෂයෙන්ම, දැනට පවතින නවතම දත්ත අනුව, යටිදැරි උද්ධමන පීඩන සහ උද්ධමන අපේක්ෂා තවදුරටත් පහළ යෑම සමඟ නුදුරු කාලීනව අපේක්ෂිත අවධමන තත්ත්වයන් තීව්ර වීම, විදේශීය අංශයේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමට වඩා යහපත් වීම සහ වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ යෑමට පවතින ඉඩකඩ සීමාවීම යන කරුණු මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල්
කිරීම සඳහා වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණයට ප්‍රධාන වශයෙන් හේතු විය.
Video Story