April, 11, 2025
2025 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.
පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවදානම් නිලධාරීන්ගෙන් සමන්විත වේ.
මෙම සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ, විශේෂයෙන් ම මූල්‍ය අංශයේ අවදානම් කළමනාකරණ කටයුතුවල නියැලී සිටින අයට පරිශීලන මුලාශ්‍රයක් ලෙස ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ විද්‍යුත් මුලාශ්‍රයක් ලෙස ලබා ගත හැකි අතර, පහත සබැඳිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඊට පිවිසිය හැකිය.
https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/වෙනත්-ප්‍රකාශන/පද්ධතිමය-අවදානම්-පිළිබඳ-සමීක්ෂණය
Video Story