ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

    October, 11, 2024

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70(1) වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ.

    තවද, මහ බැංකුව සහ අනෙකුත් නියාමන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ද මෙහි ඇතුළත් වේ. මෙම වාර්තාව මගින් 2024 ජූනි මාසය දක්වා වූ දත්ත ආවරණය කර ඇති අතර තෝරාගත් අංශ සඳහා වඩා යාවත්කාලීන දත්ත ඇතුළත් කර ඇත.

    මෙම ප්‍රකාශනයේ විද්‍යූත් පිටපතක් පහත සබැඳිය ඔස්සේ ලබා ගත හැකිය.

    (https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/financial-systemstability-review)