August, 15, 2025
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව, මහ බැංකුව 2025 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය.
මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන්ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම ඒවායේ පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව හරහා මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.
මෙම වාර්තාවේ අන්තර්ගතය, 2025 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණය ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බලන ලද තොරතුරු මත පදනම් වේ.
සුවිශේෂී කරුණු
මාර්ගගත ප්‍රකාශනයක් වන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මහ බැංකු නිල වෙබ් අඩවියේ පහත සබැඳියෙන් ලබා ගත හැකිය - https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/ආර්ථික-සහ-මූල්‍ය-වාර්තා/මුදල්-ප්‍රතිපත්ති-වාර්තා
Video Story