January, 12, 2026
ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම, සියලු සාමාන්‍ය රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍ය රක්ෂණ සංසදයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොලීසිය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්, විදුලි සංදේශ හවුල්කරුවන් සහ අලෙවි හා විකුණුම් සංසදයේ සාමාජිකයින් එක්ව සිටියහ. මෝටර් රථ රක්ෂණය නව්‍යකරණය කිරීම හා ඩිජිටල් මහජන සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් රටක් ලෙස ඉදිරියට යන ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙය සඳහන් කළ හැකිය.
ඩිජිටල් සහයෝගය හා පොලීසියේ හැකියාවන් ශක්තිමත් කිරීම
මෙම උත්සවයේදී සාමාන්‍ය රක්ෂණ සමාගම් 13ක් සමඟ එක් වෙමින් IASL විසින් නව අනතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්ක කිරීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය. මේ තුලින් ප්‍රදර්ශනය වූයේ මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම, අනතුරු වාර්තා කිරීමේ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම සහ ඉදිරි පෙළ නිලධාරීන්ගේ කාර්ක්ෂමතාවට සහාය වීම සඳහා රක්ෂණ කර්මාන්තයේ ඇති කැපවීමයි. මෙම ටැබ් පරිගණක භාවිතයෙන් පොලිස් නිලධාරීන්ට අනතුරු පිළිබඳ දත්ත ඩිජිටල් ලෙස එවේලේම වාර්තා කිරීමට, අතින් සිදු කරන ලේඛන කටයුතු අවම කිරීම සහ අනතුරු වාර්තා කිරීමේ නිවැරදි හා වේගවත් බව වැඩි දියුණු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි. විශේෂයෙන් රක්ෂණ අංශය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර ඩිජිටල් සේවාවන් සක්‍රීය කිරීම තුලින් රට පුරා මෝටර් රථ හිමියන් සඳහා වඩාත් ඵලදායී හා විශ්වසනීය පරිසරයක් නිර්මාණය කිරීම මෙම ප්‍රදානයේ අරමුණ විය.
දිගු කාලයක් තිස්සේ භාවිත කරනු ලබන භෞතික මෝටර් රථ රක්ෂණ කාඩ්පත සඳහා E-Motor Card පතක් හඳුන්වා දීමට කටයුතු කිරීම මෙහි විශේෂ අවස්ථාවක් විය. ශ්‍රී ලාංකේය මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රමුඛ පියවරක් වූ මෙම වැඩසටහන IRCSL, IASL ශ්‍රී ලංකා පොලීසිය, ජාතික විදුලි සංදේශ හවුල්කරුවන් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සාමූහික උත්සාහයක්ද වේ. ජංගම දුරකතනය තුලින් පිවිසිය හැකි මෙම ඩිජිටල් කාඩ්පත මෝටර් රථ හිමියන්ට ආරක්ෂිත, පළුදු නොවන හා පහසුවෙන් නිවැරදි තොරතුරු ලබා දීම සඳහා නිර්මාණය කර ඇති අතර ඒ තුලින් ගනුදෙනුකරුවන් වෙක වඩා පහසු හා ඵලදායී සේවාවක් ලබා දීමට හැකි වනු ඇත. මෙම අවස්ථාවට එක්වූ සාමාන්‍ය රක්ෂණ සමාගම් 13 විසින් මෙම ටැබ් පරිගණක පරිත්‍යාග කළ අතර පොලිස් නිලධාරීන් වෙත රක්ෂණ තොරතුරු එම ස්ථානයේදීම පරීක්ෂා කර සහතික කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබා දීම තුලින් එය තව දුරටත් ශක්තිමත් විය.
නිවැරදි ඩිජිටල් තොරතුරු තුලින් මනා පාරිභෝගික ආරක්ෂාවක්
2026 වසරේ මාර්තු මස සිට විසින් ක්‍රියාක්මක කරන ජාතික රක්ෂණ තහවුරු කිරීමේ පද්ධතිව දියත් කිරීම සම්බන්ධයෙන්ද මෙම උත්සයේදී නිවේනය කරන ලදී. මහජනතාවට USSD, SMS හෝ IVR ඇමතුම් හරහා ලබා ගත හැකි 2252 හරහා තම මෝටර් රථ රක්ෂණයේ තත්වය තහවුරු කිරීමට මෙහිදී හැකි වේ. රක්ෂණ අංශය විසින් හඳුන්වා දෙනු ලැබූ වඩාත් පාරිභෝගික කේන්ද්‍රීය පියවරක් වූ මේ තුලින් ඕනෑම මොහොතක මෙම රක්ෂණ ආවරණය තහවුරු කිරීම සඳහා මෝටර් රථ හිමියන් වෙත වේගවත්, පහසු හා විශ්වාසවන්ත අවස්ථාවක් ලබා දීමද සිදු විය. මහජන විශ්වාසය ඉහළ නැංවීම, වංචා අවම කිරීම සහ අනිවාර්ය මෝටර් රථ රක්ෂණ අවශ්‍යතා සමඟ ඉහළ මට්ටමේ අනුකූලතාවක් සහතික කිරීමද මෙහි තවත් අරමුණක් විය.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මැතිතුමා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, එම අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මැතිතුමා වෙනුවෙන් එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙකු, IRCSL සභාපති ආචාර්ය ඩබ්. ඒ. ආර්. ඩි මෙල් මහතා, IRCSL හි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සහ කණ්ඩායම, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විජේසූරිය මහතා, බස්නාහිර පළාත් රථ වාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා, IASL හි සභාපති ලසිත විමලරත්න මහතා සහ කමිටු සාමාජිකයින් මෙන්ම රක්ෂණ සමාගම් 13 හි ප්‍රධාන විධායක නිලධාරීන් එක්ව සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ IRCSL හි සභාපති ආචාර්ය ඩබ්.ඒ.ආර්. ඩි මෙල් මහතා සඳහන් කර සිටියේ “මෝටර් රථ රක්ෂණය ඩිජිටල්කරණය කිරීම පාරිභෝගික ආරක්ෂාවේ හා නියාමන අධීක්ෂණයේ ප්‍රමුඛ පියවරක් ලෙස සඳහන් කළ හැකියි. ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත National Insurance Verification System හි විනිවිදභාවය ඉහළ නැංවීමට හේතුවන මෙම ඊ මෝටර් කාඩ්පත වංචා අවම කරමින් රක්ෂණ ආවරණයේ අඛණ්ඩතාව පිළිබඳ විශ්වාසයක් ගනුදෙනුකරුවන් අතර ඇති වනවා. රට තුල ඩිජිටල් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනු ලබන මෙම සහයෝගී උත්සාහයට සහාය දැක්වීමට ලැබීම පිළිබඳව IRCSL ඉතා සතුටට පත්වනවා.” යනුවෙනි.
මෑතකදී ක්‍රියාත්මක කරන ලද විකල්ප වන්දි යෝජනා ක්‍රමය (OCS) පිළිබඳවද මෙහිදී කතා බහට ලක් වූ අතර ඒ යටතේ හදිසි අනතුරකදී රු. 1,000,000 දක්වා උපරිම ගෙවීමක් පිරිනැමීමටත්, එම සිදුවීම හේතුවෙන් ඇති වන බහු හිමිකම් අවස්ථාවන්හිදී රු.1,000,000 ක උපරිමයක් ගෙවීමටද එකඟවිය. වන්දි කටයුතුවල තිරසාරත්වය පවත්වා ගනිමින් බලපෑමට ලක් වූ පාර්ශවයන් වෙත උපරිම සහයෝගයක් ලබා දීම වෙනුවෙන් OCS නිර්මාණය කරන ලදී. එම සේවාව ලබා ගන්නන් සඳහා වැඩි දුරටත් සහාය දැක්වීමට කටයුතු ආරම්භ කර ඇති බවත් පාරිභෝගික ආරක්ෂාව ශක්තිමත් කිරීමට කැපවන බවත් IASL මෙහිදී සඳහන් කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ IASL හි සභාපති ලසිත විමලරත්න මහතා “ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ අංශයේ ඩිජිටල් පරිවර්තනයේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරන මෙම මුලපිරීම තුලින් ගනුදෙනුකරුවන් වෙත ඉමහත් පහසුවක් අත්කර දීමට හැකි වනවා. ඊ මෝටර් කාඩ්පත හඳුන්වා දීමෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට සහාය වීමෙන් රක්ෂණකරුවන්, නියාමකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. රටේ සෑම මෝටර් රථ රියදුරෙක් වෙතම ආරක්ෂිත, කාර්යක්ෂම සහ වඩාත් විනිවිද පෙනෙන පරිසරයක් ගොඩනැගීම සඳහා ISAL හි කැපවීම අපගේ සාමූහික උත්සාහයන් තුලින් ප්‍රදර්ශනය වුණා.” යනුවෙන් පැවසීය.
ඒ අනුව ඉතා සාර්ථක අයුරින් මෙම සුවිශේෂී අවස්ථාව නිම කරමින් නවෝත්පාදනය, සේවා සැපයීම ඉහළ නැංවීම සහ ජාතික ඩිජිටල් පරිවර්තනය සඳහා රක්ෂණ කර්මාන්තයේ සාමූහික කැපවීම ප්‍රදර්ශනය කිරීමටද හැකියාව උදා විය. National Insurance Verification System සහ ටැබ්ලට් පරිගණක පරිත්‍යාගය තුලින් මෙරට පොලිස් දෙපාර්තමේවට සිය ශක්තිමත් සහයෝගය ලබා දීම තුලින් මෝටර් රථ රක්ෂණයේ නව මානයක් සනිටුහන් කිරීමට හැකි වන බව IASL හි අදහසයි.

Video Story