March, 14, 2016
හොල්සිම් ලංකා සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමය (SLIA) සමග පසුගියදා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේදී අවබෝධතා ගිවිසුමකට එළඹියේය.
මෙම ගිවිසුමට අනුව, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) කටයුතු සඳහා හොල්සිම් සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයට සහයෝගය ලබා දීමට නියමිතය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2015/2016 සැසිවාරයේ වැඩසටහන්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ කවුන්සිලය වෙනුවෙන් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරනු ලබයි.
වෘත්තීය කටයුතු මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන් පෙළ වාස්තුවිද්‍යා ක්ෂේත්රයේ නිරත වෘත්තිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නකි.
"සියලුම පාර්ශ්වකරුවන්ගේ දැනුම වර්ධනය කරලීම වෙනුවෙන් හොල්සිම් සමාගම අඛණ්ඩව කැප වන අතර දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී කරවා ගැනීමටත්, ඒවායේ මූලිකත්වය ගෙන කටයුතු කිරීමටත් අප ක්ෂේත්රය තුළ ප්‍රවීණයන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනවා. අප අනුගමනය කරන විශිෂ්ට ක්‍රියාමාර්ගයන් බෙදාහදා ගැනීම සඳහා අපගේ සියලුම පාර්ශ්වකරුවන් හට ඉඩ සලසා දෙමින් දැනුම් කේන්ද්‍රස්ථානයක් ලෙස අප කටයුතු කරන්නේ එනිසයි." හොල්සිම් ලංකා සමාගමේ නව්‍යකරණ සහ යෙදවුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී තුෂාර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
වාස්තුවිද්‍යා ක්ෂේත්රයේ දැනුම තවදුරටත් වැඩිදියුණු කරමින්, උස් ගොඩනැගිලි ඉදිකිරීමේදී කල්පවතින සිමෙන්ති භාවිතා කිරීමේ වැදගත්කම වැනි සාධක පිළිබඳව ද හොල්සිම් ලංකා සමාගම පසුගිය වකවානුවේදී සාකච්ඡා පවත්වා ඇත.
පාරිභෝගික අවශ්‍යතාවට ගැළපෙන අයුරින් උසස්ම ප්‍රමිතියෙන් යුතු විසඳුම් ලබා දීම වෙනුවෙන් හොල්සිම් නව්‍යකරණ සහ යෙදවුම් ඒකකය කැප වී සිටියි. පාරිභෝගිකයා ගෙවන මුදලට වැඩි අගයක් ලබා දීම වෙනුවෙන් නව්‍යකරණයත්, පාරිභෝගික අවශ්‍යතාවත් එකිනෙක සම්බන්ධ වන්නේ මෙහිදීය.
Video Story