May, 5, 2016
හෙබා අල් මන්සූරි විසින් රචිත අරාබි බසින් යුතු ශ්‍රී ලංකාවේ එකම සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයේ අලුත්ම වෙළුම පසුගිය දා එළිදැක්විණි. ඩුබායි හි පැවති Arabian Travel Market හිදී සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් වෙත මෙය පිළිගන්වනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන, ඩුබායි හා උතුරු එමිරේට්ස් කලාපය සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවිනි ඩයස් බණ්ඩාරනායක, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් UAE කළමනාකරු දෙසිරී ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එක්විය.
Video Story