ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව හෙට ඇරඹේ

    June, 20, 2016

    එක්සත් ජනපද ඩොලර්වලින් නම් කරන ලද භාණ්ඩාගර බැඳුම්කර නිකුතුවක් හෙට (21) දිනයේ දී ආරම්භ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

    ඩොලර් මිලියන 250 ක මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව වසර 1යි මාස 7, වසර 2 යි මාස 7 සහ වසර 4 යනාදී වශයෙන් පරිණත කාලයන් තුනකින් සමන්විත වේ.

    හෙට (ජූනි 21) පෙරවරු 11.00 සිට ජූනි 27 වන දින පෙරවරු 10.00 දක්වා මෙම බැඳුම්කර නිකුතුව සඳහා ලංසු ඉදිරිපත් කළ හැකිවේ.

    එක්සත් ජනපද ඩොලර් සඳහා වන මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකයට වෙන්දේසියේ තරඟකාරී ලංසුවල ආන්තිකය එකතු කිරීමෙන් ලැබෙන අගය හෝ තරඟකාරී ලංසු මගින් තීරණය වූ ස්ථාවර පොලී අනුපාතිකයන් යටතේ මේ සඳහා පොළී ගෙවනු ලබයි.

    මේ සඳහා අවම ආයෝජනය ඩොලර් 10,000 ක් වන අතර මෙයින් ලබන ආදායම ශ්‍රී ලංකාව තුළ ආදායම් බද්දෙන් නිදහස් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates