“ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා“ තරඟාවලිය කාබන් අවම වූ (CarbonNeutral®) වැඩසටහනක් ලෙස දියත් කෙරේ

    April, 24, 2016

    පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව හොඳම අදහසට යුරෝ මිලියන 30000 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් මිලියන 4.7ක්) පිරිනමන “හරිත බලශක්කි ශූරයා“ තරඟාවලියෙහි මහජන සබඳතා කටයතු මෙහෙයවන PR Wire ආයතනය සිය වැඩසටහන් කාබන් අවම වැඩසටහන් (CarbonNeutral®) ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි. මේ අනුව කාබන් අවම ආකාරයේ වැඩසටහන් මෙහෙයවන මෙරට ප්‍රථම මහජන සබඳතා ආයතනය බවට PR Wire ආයතනය පත්වෙයි. ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා තරඟාවලිය සඳහා ජාත්‍යන්තර සංවර්ධන විශේෂඥයින් ලෙස Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) ආයතනය කටයුතු කරයි.

    මෙම තරඟාවලිය සම්බන්ධයෙන් උනන්දු වන්නන්ට ඒ පිළිබඳ සියලු තොරතුරු www.greenenergychampion.lk වෙබ් අඩවිය මඟින් ලබාගත හැකි අතර පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා වන අදහස් මෙම තරඟාවලිය සඳහා යොමු කරන ආකාරය පිළිබඳව තොරතුරු ද දැනගත හැකිය. එමෙන්ම එම අදහස් සමස්ත ප්‍රජාවට යහපතක් වන අකාරයට යොදාගැනීම පිළිබඳව ද අදහස් මෙම වෙබ් අඩවියේ ඇතුළත් වෙයි. ප්‍රජා මූල සංවිධාන,පාසල්,ගෘහස්ථ කණ්ඩායම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කණ්ඩායම් සඳහා මෙම තරඟාවලිය විවෘත අතර අදාල අයදුම්පත් 2016 මැයි 31 දිනය පෙර යොමු කළ යුතුවෙයි.

    එහි තවත් පියවරක් ඉදිරියට තබමින් PR Wire ආයතනය සමස්ත තරඟාවලිය තුළ පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අවංක තීරණයක් ගෙන තිබේ.එම පියවර සඳහා උද්යෝගිමත් සහයෝගයක් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) වෙතින් හිමිව තිබේ. ඒ ආකාරයට මෙම වැඩසටහනේ සංවිධාන කාර්යයේ දී Carbon Consulting Company (CCC) ද සිය සහයෝගය ලබාදීමට එකඟ වී ඇති අතර එක්සත් රාජධානියේ Natural Capital Partners හි සහතිකය ලබමින් මෙම වැඩසටහන පරිසර හිතකාමී අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබේ. මේ අනුව “හරිත බලශක්ති ශූරයා “ තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය CarbonNeutral® සන්නාමය යටතේ පැවැත්වෙනු ඇත. මෙමඟින් හරිතාගාර වායු (greenhouse gas) විමෝචනය අවම කරන ලෙස මෙම තරඟාවලිය සංවිධානය කෙරේ.

    Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) හි ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ කාර්ය භාර නිලධාරි ඩැනියෙල් ශ්රූබර් මහතා සඳහන් කළේ ,“බලශක්තිය සහ බලශක්ති අරපිරිමැස්ම පිළිබඳව වන මෙම ව්‍යාපෘතිය ඊට ආවේණික ආකාරයට කාබන් මුදාහැරීමක් සිදුකළ යුතු බවයි. මෙම හරිත බලශක්ති ශූරයා තරඟාවලිය ක්‍රියාත්මක කරන ආයතනය වන GIZ මුලික වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යයි. තිරසාර ආකාරයට වැඩසටහන් සහ අවස්ථා කළමණාකරණය සහ පරිසරයට අහිතකර නොවන ආකාරයට ව්‍යාපෘතිය මෙහෙයවීම සහ තරඟාවලිය පැවැත්වීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබේ”