May, 3, 2016
ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තීය අවශ්‍යතා සඳහා වඩා පුළුල් අරමුණකින් කැප වී සිටන දිවයිනේ ප්‍රමුඛතම රැකියා පියස වන එවර්ජොබ්ස් ශ්‍රී ලංකා වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය එළිදක්වනු ලැබ තිබේ.
රැකියා අවස්ථා සොයමින් සිටින්නන් තම වෘත්තීය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේදී වඩා විශ්වසනීය විකල්ප සොයා යාමට වැඩි කැමැත්තක් දක්වන අතර බොහෝ විට තම මව් භාෂාවෙන් රැකියා ඇබෑර්තු පළ වීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රැකියා පියස වන එවර්ජොබ්ස් ශ්‍රී ලංකා ආයතනය විසින් සිදු කරන ලද නවතම සමීකෂණයට අනුව රැකියා අපේක්ෂකයන් අතරින් 30% ක ම වෙනත් භාෂාවලින් පළ වන ඇබෑර්තුවලට වැඩි කැමැත්තක් නොදක්වන බව හෙළි විය.
අන්තර්ජාලය පාදක කොට ගනිමින් ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර්තු සෙවීම පුනර්ජීවනය කරනු වස් everjobs.lk වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය නිකුත් කිරීමට එම ආයතනය විසින් මේ වන විට කටයුතු යොදා ඇත.
“රැකියා අබෑර්තු සොයා ගැනීම ස`දහා සහයෝගය හා අනෙකුත් අදාළ තොරතුරු සිංහල භාෂවෙන් සැපයීම තුළින් අප බලාපොරාත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වැසියන් හට බහු-භාෂා රැකියා ඇබෑර්තු අත්දැකීමක් ලබා දීමයි“ යනුවෙන් එවර්ජොබ්ස් ශ්‍රී ලංකා ආයතනයේ අලෙවි අධ්‍යකෂ හා කළමනාකාර ෆීලික්ස් ලීනෝ මහතා ප්‍රකාශ කළේය. “ව්‍යාපාරිකමය වශයෙන් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ තුළ අපගේ සන්නාමය වැඩි වැඩියෙන් ජනප්‍රිය වනු ඇති බවත් අප මෙයින් බලාපොරොත්තු වෙනවා“.
මෙම පියවරත් සමගින් ශ්‍රී ලංකාවේ සිංහල පමණක් භාවිත කරනු ලබන පරිශිලකයන් හට everjobs.lk වෙබ් අඩවිය වෙත පිවිස රැකියා අබෑර්තු සෙවීමට, වෘත්තීය උපදෙස් ලබා ගැනීමට මෙන්ම සිංහල මාධ්‍යයෙන් පුද්ගල දත්ත පත්‍රිකා සොයා ගැනීමටද වඩා පුළුල් අවස්ථාවක් හිමි වේ.
ෆීලික්ස් මහතා වැඩිදුරටත් පළ කළ අදහස් මෙසේය: “ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ අතිශය තරගකාරී එකක් වන නිසාම විවිධාංගීකරණය ඉතාම වැදගත් සාධකයක්. everjobs.lk වෙබ් අඩවියෙහි සිංහල අනුවාදය නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රැකියා පියස ලෙස අපට හිමි තැන තවත් වර්ධනය කර ගනිමින් වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැපයීමට හා සිංහල භාෂකයන්ගේ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා“.
Video Story