May, 21, 2024
ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා පසුබිම හඳුනාගැනීම සහ නිර්ණය කිරීම අරමුණු කරගනිමින් 2021 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සමඟ එක්ව මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ ප්‍රථම වරට ජාතික මට්ටමේ මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයක් පවත්වා ඇත. ඒ සඳහා යොදා ගෙන ඇති ගෘහ ඒකක ගණන 4,800කි.
මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය දැනුම සහ මූල්‍ය ආකල්ප, අනෙකුත් රටවල් සමඟ සසඳන කල සතුටුදායක මට්ටමක පවතින බවත්, මූල්‍ය හැසිරීම තවමත් පසුගාමී තත්ත්වයක පවතින බවත් පැහැදිලි වී ඇති බව මහ බැංකුව පවසයි.
මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වන ජාතික උපාය මාර්ගය යටතේ ක්‍රියාත්මක වන මුලපිරීමක් වශයෙන් අද (21) පෙරවරුවේ දී එළිදැක්වුණු ‘ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය (2024-2028)‘ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.
මුල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපාය මාර්ගය යටතේ ක්‍රියාත්මක වන මෙම මාර්ගෝපදේශය මඟින් ශ්‍රී ලාංකිකයින්ගේ මුල්‍ය හැසිරීම් වැඩිදියුණු කිරීම සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම යන පොදු අරමුණු කරා මූල්‍ය සාක්ෂරතා මුලපිරීම්වල නියැලී සිටින සියලුම පාර්ශවකරුවන් පෙළගස්වමින්, සාක්ෂි මත පදනම් වූ විධිමත් මග පෙන්වීමක් සපයනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපාය මාර්ගික සැලැස්මේ සම්බන්ධිීකරණ අංශයේ මෙහෙයවීම යටතේ විවිධ පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව සහයෝගී ප්‍රයත්නයක් ලෙස ගොඩනංවන ලද මෙම මාර්ගෝපදේශය මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම, පාරිභෝගික ආරක්ෂණය වර්ධනය කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සකස් කර ඇත.
වඩා හොඳ මූල්‍ය පුරුදු ඇති කිරීම සහ ශ්‍රී ලාංකිකයන් අතර සමස්ත මූල්‍ය හැකියාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින්, දේශීය වෙළඳපොළ තුළ පවතින විවිධාකාර මූල්‍ය නිෂ්පාදන සහ සේවා පිළිබඳ දැනුවත්භාවය හා වගකීම් සහගත භාවිතය දිරිගැන්වීම මෙම මාර්ගෝපදේශය මගින් අපේක්ෂා කෙරේ. තවද වත්මන් ආර්ථික පසුබිම සැලකිල්ලට ගෙන අනාගත පරපුරේ මූල්‍ය චින්තනය හැඩගැස්වීමේ වැදගත්කම හඳුනාගනිමින් , වඩා විචක්ෂණශීලී හා වගකිවයුතු මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම ද මෙමගින් අවධාරණය කරයි.
මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය, සියලු පාර්ශවකරුවන් විසින් සාමූහිකව එකඟ වූ ක්‍රියා මාර්ග රැසක් අන්තර්ගත වු පුළුල් ක්‍රියාකාරී සැලැස්මකින් සමන්විත වේ. මෙම ක්‍රියාකාරී සැලැස්ම මගින් මාර්ගෝපදේශය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරමින් ඔවුන්ට අදාළ ආයතනික කාර්යභාරයන් සහ වගකීම් පැහැදිලිව දක්වයි. මෙම මුලපිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය සහාය ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැදගත් හවුල්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබයි.
එම වාර්තාවෙහි නිරීක්ෂණ කිහිපයක් පහතින් දැක්වේ.



Video Story