January, 8, 2026
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත.
මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විධිමත් මූලික පදනමක් ලබා දෙමින් නිර්මාණකරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමටයි. මෙහිදී නිවැරදි මෙන්ම වගකීම් සහගත ලෙස මූල්‍ය තොරතුරු සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. තෝරාගත් සහභාගිවන්නන් සඳහා සති 10ක ව්‍යුහගත පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිවන අතර, එයට වෙළඳපොල ව්‍යුහය, තාක්ෂණික විශ්ලේෂණයේ මූලික කරුණු, අවදානම් පිළිබඳ දැනුවත්භාවය සහ විනයගරුකව තීරණ ගැනීම වැනි වැදගත් කරුණු ඇතුළත් වේ.
අයදුම්පත් ඇගයීමෙන් අනතුරුව තරඟකාරී පදනමක් මත තෝරාගනු ලබන නිර්මාණකරුවන් සඳහා, වෙළඳපොල පිළිබඳ මූලික අවබෝධය සහ වගකීම් සහගත මූල්‍ය සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කරන මෙම පූර්ණ අනුග්‍රහය සහිත අධ්‍යාපනික වැඩසටහනට සහභාගී වීමේ සුවිශේෂී අවස්ථාව හිමිවේ.
මෙහි විෂය මාලාව මඟින් වෙළඳපොල ව්‍යුහය, මිල හැසිරීම්, ප්‍රවණතා, ආධාරක සහ ප්‍රතිරෝධක මට්ටම් මෙන්ම අවදානම් කළමනාකරණය ඇතුළු තාක්ෂණික විශ්ලේෂණය සහ වෙළඳපොල හැසිරීම් පිළිබඳ මූලික සිද්ධාන්තයන් පුළුල් ලෙස ආවරණය කරනු ලබයි. මෙම වැඩසටහන මුළුමනින්ම අධ්‍යාපනික ස්වභාවයක් ගන්නා අතර, කිසිසේත්ම මූල්‍ය, ආයෝජන හෝ වෙළඳ උපදේශනයක් නොවන බව සලකන්න.
මෙම පාඨමාලාව තුළදී ඇතැම් උදාහරණ සඳහා ඩිජිටල් වත්කම් වෙළඳපොලවල් යොදා ගත්තද, එහිදී උගන්වනු ලබන විශ්ලේෂණ රාමු ලොව පුරා පවතින ඕනෑම මූල්‍ය වෙළඳපොලකට පොදුවේ අදාළ කරගත හැකිය. නිර්මාණකරුවන්ට වෙළඳපොල හැසිරීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමත්, මූල්‍ය සංකල්ප ඉතා පැහැදිලිව සහ වගකීම් සහගත ලෙස තම ප්‍රේක්ෂකයන් වෙත සන්නිවේදනය කිරීමට ඔවුන්ව දිරිමත් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණයි.
"මෙම ව්‍යුහගත සති 10 ක වැඩසටහන සැලසුම් කර ඇත්තේ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මූලික වෙළඳපොල දැනුම ශක්තිමත් කර ගැනීමට සහ වගකීමෙන් යුතුව තොරතුරු සන්නිවේදනය කිරීමට සහාය වීම සඳහායි." යනුවෙන් Mastering the Markets හි නිර්මාතෘ සහ ප්‍රධාන අධ්‍යාපන නිලධාරී David Bird මහතා ප්‍රකාශ කළේය. "ශක්තිමත් පදනමක් සහ විනයගරුක චින්තනයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, දීර්ඝ කාලීනව සහ වගකීම් සහගතව වෙළඳපොල සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය දැනුම සහ විශ්වාසය ගොඩනඟා ගැනීමට අපි ජනතාවට උදව් කරනවා."
“මූල්‍ය වෙළඳපොලවල් සමඟ මිනිසුන් ගනුදෙනු කරන ආකාරය කෙරෙහි අධ්‍යාපනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා," යනුවෙන් Bybit හි කලාපීය කළමනාකරු Nazar Tymoshchuk මහතා පැවසීය. "මෙම වැඩසටහන මඟින් නිර්මාණකරුවන්ට පැහැදිලි විෂය මාලාවක් සහිත පදනමක් ලබා දෙන අතර, එමඟින් ඉතා සරලව සහ වගකීම් සහගත ලෙස මූල්‍ය කරුණු සමාජගත කිරීමට අවශ්‍ය ව්‍යුහගත ඉගෙනුම් අවස්ථාවන් සලසා දෙනවා."
තමන්ගේ දැනුම මෙන්ම තම ප්‍රජාවගේ දැනුම ඉහළ නැංවීමට කැපවීමෙන් කටයුතු කරන ශ්‍රී ලාංකේය ප්‍රධාන මතධාරීන් සඳහා මෙම වැඩසටහන විවෘතව පවතී. සාම්ප්‍රදායික මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ඩිජිටල් වත්කම් පිළිබඳ සංකල්ප ද මූලික වෙළෙඳපොළ අධ්‍යාපනය සමඟ ඒකාබද්ධව ලබා දීම මෙහි සුවිශේෂත්වයකි. මේ හරහා ගෝලීය වෙළෙඳපොළ හැසිරීම් පිළිබඳව පුළුල් අවබෝධයක් සහ ශක්තිමත් අධ්‍යාපනික පදනමක් ගොඩනගා ගැනීමට සහභාගී වන්නන්ට සුවිශේෂී අවස්ථාවක් සැලසේ.
පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, සහභාගී වන්නන්ට වෙළෙඳපොළ තත්වයන් වෙනස්වීම්, තාක්ෂණික විශ්ලේෂණ රාමු සහ ක්‍රමවත් වෙළෙඳපොළ විශ්ලේෂණ ක්‍රමවේදයන් ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් හිමි වේ. ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් තුළ අධ්‍යාපනික, නිවැරදි සහ වගකීම් සහගත මූල්‍ය අන්තර්ගතයන් (Financial Content) බිහි කිරීම සඳහා සහාය වීම සහ ඔවුන්ව දිරිමත් කිරීම මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණයි
ශ්‍රී ලංකාව තුළ මීට පෙර ක්‍රියාත්මක කරන ලද ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන්වලට සමගාමීව ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන, ප්‍රමුඛ පෙළේ වෙළෙඳපොළ අධ්‍යාපන විශේෂඥයන් සමඟ පවතින හවුල්කාරිත්වයන් ඔස්සේ අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළවල් වෙනුවෙන් Bybit ආයතනය සිදුකරන අඛණ්ඩ ආයෝජනය සහ කැපවීම මනාව පිළිබිඹු කරයි.
මෙම වැඩසටහනට සහභාගී වීමට කැමති ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන්ට ඔවුන්ගේ තොරතුරු නිල අයදුම්පත හරහා ඉදිරිපත් කළ හැකිය. ඒ අතරින් තෝරාගත් පිරිස වෙත ඉදිරි තොරතුරු පෞද්ගලිකව දැනුම් දෙනු ලැබේ. මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් ලබාගත හැක.
Video Story