ශ්‍රේණිගත කිරීම පහළ යාම සාමාන්‍ය දෙයක් – කොටස් වෙළෙඳපොළ සභාපති කියයි

    March, 1, 2016

    ඊයේ (29) දිනයේ දී ෆිච් රේටිංග්ස් විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව BB- සිට B+ දක්වා පහළ දැමීම සාමාන්‍ය සිදුවීමක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

    මෙහිදී අදහස් දක්වමින් වජිර කුලතිලක මහතා මෙසේ පැවසීය. “ආරම්භයේ දී තියෙන ප්‍රතික්‍රියාව ඕනෑවට වඩා සිදුවෙන්න පුළුවන්. මෙමගින් යම්කිසි බලපෑමක් වෙනවා. කාටවත් ඒක නැහැ කියලා කියන්න බැහැ. නමුත් එම බලපෑම කියන තරම් විශාල දෙයක් නොවෙයි. ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් උඩට හෝ පහළට යාම සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවෙන දෙයක්. “

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපතිවරයා කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය පවා මෙයාකාරයෙන් ශ්‍රේණිගත කිරීම් හි පහළට වැටී තිබෙන අවස්ථා තිබෙන බවයි.