December, 8, 2016
වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. මීට වසර 150කට පෙර රටේ ප්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංගමාරය රෝගයට ගොදුරුවීමත් සමඟ ඒ වෙනුවට වාණිජ භෝගයක් ලෙස තේ වගාකිරීම 1867 දී ඇරඹිණග ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් පළමු වාණිජ තේ වගාව සහ තේ නිෂ්පාදනය හේවාහැට ලූල්කඳුර වතුයායේ දී ආරම්භ කරන ලදීග ඔහු විසින් ලාංකීය කෘෂිකර්මාන්තය සඳහා දායක වූවා පමණක් නොව තේ කර්මාන්තයේ සැපයුම් දාම පහසුකම් ලබා දීම උදෙසා ශී‍්‍ර ලංකාවේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ද පුරෝගාමී විය.
ශතවර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ සිට තේ කර්මාන්තය මගින් රටේ ආර්ථිකයේ තිරසර පැවැත්ම සඳදහා අඛණ්ඩ දායකත්වයක් ලබා දෙමින් පවතීග මෑත වසරවලදී ආදායම් උපයන මාර්ග එකක් හෝ දෙකක් ඉස්මතු වුවද ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා යමින් රට වෙනුවෙන් වැඩිම විදේශ විනිමය ඉපැයීම් කි‍්‍රයාවලියේ දී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 20%ක් සෘජු හා වක්‍ර ආකාරයෙන් තේ කර්මාන්තයේ නියැලී සිටින අතර එය ගබඩා පහසුකම් සැපයීම, ප්‍රවාහන, මුද්‍රණ, ඇසුරුම් ආදී උපයෝගී කර්මාන්ත ගණනාවක් දක්වා විසිරී පවතියි. මීට අමතරව තේ මෙරට සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් 15%ක දායකත්වයක් සහ කෘෂිකාර්මික අපනයන ආදායමෙන් 65%ක් උත්පාදනය සිදුකරයි.
ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයල කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය සමඟ එක්ව 2017 වර්ෂය පුරා මෙම සංවත්සර සැමරුම උත්සවශී‍්‍රයෙන් සැමරීම සඳහා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත.
සංවත්සර සැමරුමේ පළමු අංගය ලෙස 2017 වර්ෂයේ ජනවාරී මස 19 වන දින ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී ජේම්ස් ටේලර් මහතාගේ ප්‍රතිමාවක් විවෘත කිරීමත් සමග ආරම්භ කිරීමට නියමිතව ඇත.
• 2017 පෙබරවාරී මාසයේ දී මුල් දින කවරයක් සහ මුද්දර මාලාවක් නිකුත් කිරීමට නියමිත අතර අගොස්තු මාසය වන විට රුපියල් 10 කාසියක් නිකුත් කිරීමට ද අපේක්ෂිතය.
• 2017 මාර්තු සහ ජූලි කාලසීමාව තුළදී තේ නිෂ්පාදනය සිදුකරන කලාප හත ආවරණය වන පරිදි අධ්‍යාපන ප්‍රදර්ශන මාලාවක් මෙන්ම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ද සිදුකිරීමට නියමිතය. රට සංවර්ධනයේ දී තේ කර්මාන්තයේ දායකත්වය සහ වැදගත්කම මෙන්ම එහි වෘත්තීය අවස්ථා පිළිබඳවත් මෙම ඓතිහාසික උත්සවයේ වැදගත්කම පිළිබඳවත් දේශීය ප්‍රජාවට පුළුල් අවබෝධයක් ලබාදීම මෙමගින් අරමුණු වෙයි.
• ලොව පුරා විහිදී ඇති ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල මඟින් සංවිධානය කරනු ලබන “ගෝලීය සිලෝන් තේ සංග්‍රහය 2017” (Global Ceylon Tea Party 2017) වර්ෂයේ මැයි මස 18 වන දින ලොව පුරා එක් එක් කාල කලාපයන් තුළ සවස 5.00 ට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. මෙහිදී ඉහළම ගුණාත්මයෙන් යුතු “සිලෝන් තේ” සමඟ ශී‍්‍ර ලංකාවේ පැරණිම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් බිස්කට් සමාගම මඟින් මෙම අවස්ථාව වෙනුවෙන් විශේෂයෙන් මල නිර්මාණය කරන ලද බිස්කට් භුක්ති විදීමට අවස්ථාව ලබාදීමට නියමිතය.
• “The 150 years of ceylon Tea” නමින් ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳ වසර 150 ක ඓතිහාසික ආගමනය සමරු පොතක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීම 2017 වර්ෂයේ ජුනි මස 14 වන දිනට නියමිතව ඇත.
• වැවිලි ක්ෂේත්රයේ නියුතු සේවකයන් හට ප්රතිලාභ ලැබෙන පරිදි පුණ්‍ය ව්‍යාපෘතී කිහිපයකට අරමුදල් ලබා දීම අරමුණු ඇතිව විශේෂිත තේ වෙන්දේසියක් “Grand Charity Tea Auction” ලෙසින් 2017 ජුනි මස 14 වන දින පැවැත්වීමට ද සැලසුම් සකස්කර ඇත.
• සංවාරකයන් සහ ශී‍්‍ර ලාංකිකයන් අතර “සිලෝන් තේ”වල ඇති සුවිශේෂතා සහ තේ හා සබැඳුනු සංස්කෘතීන් ප්‍රවර්ධනය කිරිමේ අභිලාශයෙන් ජාත්‍යන්තර තේ උළෙලක් ජූලි මාසයේ පැවැත්වීමට නියමිතය. මෙය තේ හා සම්බන්ධ කි‍්‍රයාකාරකම් නිරූපණය වන පරිද්දෙන් වීදි ප්‍රචාරණ, තේ කුටි, ආහාර හා වෙළද කුටි මෙන්ම විනෝදාස්වාදයන්ගෙන් සපිරුණ අංග රාශියක් සමගින් උත්සවශී‍්‍රයෙන් සිදුකෙරෙනු ඇත. මෙය අනාගතයේදී වාර්ෂික උත්සව අංගයක් ලෙසින් කි‍්‍රයාත්මක වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
• ජාත්‍යන්තර කොළඹ තේ සමුළුවල 300කට ආසන්න විදේශ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් හා දේශීය නියෝජනයකින් යුක්තව 2017 අගෝස්තු මස 08 දින සිට 11 දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙහිදී ගෝලීය තේ වෙළඳපොළ තුළ හා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර තුළ පුළුල් පරාසයක පළපුරුද්ද සහ අත්දැකීම් සපිරුණු කීර්තිමත් වියත් පුද්ගලයන් විසින් මෙහෙයවන වැඩමුළු පැවැත්වීමට නියමිතය. මෙහිදී විවිධ සම්මන්ත්රණ කි‍්‍රයාත්මක කිරීම තුළින් විද්වත් මණ්ඩල සමඟ සාකච්ඡා වටවලට සහභාගීවීමට හා අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
• “PLANTATION SRI LANKA 2017” ප්‍රදර්ශනය අගෝස්තු මස 11 සිට 13 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. මෙමගින් දේශීය මෙන්ම විදේශීය තේ අපනයනකරුවන් නිෂ්පාදකයන් සහ තේ කර්මාන්තයේ සේවා සපයන්නන් හට තම භාණ්ඩ හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවකාශ ලබා දෙන අතර දේශීය සහ විදේශීය නරඹන්නන් හා ගැනුම්කරුවන් සඳහා විවෘත වනු ඇත.
• සෑම කලාපයකම සියලූ අංශ ආවරණය වන පරිදි තේ කර්මාන්තයේ විශේෂ දක්ෂතා පෙන්වූ පාර්ශවකරුවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමේ අරමුණ පෙරදැරිව සම්මාන උළෙලක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. මෙහිදී තේ දලූ නෙලීම, තේ රස බැලීම්, විශිෂ්ට නිෂ්පාදන ක්‍රමවේද භාවිතය, තේ මිශ්‍රකිරීම සහ නිර්මාණශීලී සොයාගැනීම් වැනි තවත් විවිධ වූ අංශ සඳහා සම්මාන පිරිනැමෙනු ඇත.
• මෙම වැඩසටහනට සමගාමීව තේ කර්මාන්තයේ ඉතිහාසයට බෙහෙවින් අදාළ වන ඓතිහාසික මහනුවර නගරයේ පිහිටා ඇති “සිලෝන් තේ කෞතුකාගාරය” වැඩිදියුණු කිරීම සඳහා වන වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇත.
Video Story