June, 15, 2020
කොවිඩි-19 වසංගත තත්ත්වය මැඩගෙන ශ‍්‍රී ලාංකිකයින් නැවතත් සුපුරුදු පරිදි දෛනික කටයුතු ආරම්භ කිරීම හමුවේ මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම නැවතත් කොවිඞ්-19 රැල්ලකින් ජනතාව ආරක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මේ අනුව, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සඳහා වැඩිම ටයර් ප‍්‍රමාණයක් සපයන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මගී ජනතාවගේ සහ බස්රථ සේවක කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය රැකගැනීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රවාහන මණ්ඩලය (SLTB) සමග කටයුතු කරමින් සිටින අතර දිවයිනේ ප‍්‍රධාන වෙළඳ ස්ථාන හා සබැඳි ලොරි රථ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට පුද්ගලික ආරක්ෂිත සහ පිරිසිදුකාරක කට්ටල ලබාදීමේ වැඩසටහනක් සහ රටපුරා පිහිටි සමාගමේ වෙළඳ නියෝජිතයින්ගේ කාර්ය මණ්ඩලවල පීඩාවට පත්වූ සාමාජිකයින් වෙනුවෙන් වියලි සලාක ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබේ.
‘නැවතත් ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ මොහොතේ තිබෙන අභියෝග ජයගැනීමට අපි රජයට සහාය දැක්විය යුතුයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘මෙම වසංගතයේ දෙවන සහ තෙවන රැල්ලක් ඇතිවීම වලක්වමින් වසංගතය පරාජය කිරීමට විශාල සම්පත් ප‍්‍රමාණයක් සහ සියළු මට්ටම්වල ඉහළ කැපවීමක් අවශ්‍ය වෙනවා. මේ නිසා, සියැට් සමාගම විසින් අවධානය යොමුකර තිබෙන්නේ අපගේ ව්‍යාපාරය හා සම්බන්ධ අංශ වල අවශ්‍යතා සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීමටයි.’
මේ අනුව, පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සහයෝගය ලබාදෙමින් කොළඹ දිස්ත‍්‍රික්කයේ බස්රථ 350 ක ගමන් කරන මගීන්ගේ භාවිතය සඳහා අත් සේදුම් කාරක ලබාදීමට සමාගම කටයුතු කර තිබේ. සියැට් විසින් 2020 ජුනි 01 වනදා සිට මාස තුනක කාලයක් පුරා මෙම බස්රථ වලට අත් සේදුම් කාරක දියර පරිත්‍යාග කරන අතර මෙම බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා මාස තුනක කාලයකට අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත කට්ටල ලබාදීමටද සමාගම කටයුතු කර ඇත. එක් ආරක්ෂිත කට්ටලයක මුහුණු ආවරණ 06 ක්, අත් වැසුම් කට්ටල 06 ක් සහ පුද්ගලික අත් සේදුම්කාරක ඇතුළත් වේ.
මේ අතර, නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාමට කටයුතු කරන තෝරාගත් ලොරි රථ 500 ක සිටින රියදුරන්ට සහ සහායකයින්ට මාස තුනක කාලයක් සඳහා පුද්ගලික ආරක්ෂක කට්ටල ලබාදීමටද සමාගම කටයුතු කර තිබේ. මීට අමතරව, මැනිං වෙළඳපොළ, පෑලියගොඩ මාළු වෙළඳපොළ සහ දඹුල්ල සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන සඳහා සේවා ලබාදෙන ලොරි රථ මාස තුනක කාලයක් සඳහා විෂබීජහරණය කිරීමට අරමුදල් ලබාදීමටද සමාගම විසින් කටයුතු කර ඇත.
මීට අමතරව ශ‍්‍රී ලංකාව පුරා වෙසෙන සමාගමේ ප‍්‍රමුඛතම වෙළඳ නියෝජිතයින් සමාගම් සියයක ඇඳිරි නීති කාලය නිසා අපහසුතාවයට පත්වූ ටයර් සවිකරන සේවකයින් 500 ක් සඳහා ඉදිරි මාස තුනක කාලය සඳහා වියලි ආහාර ලබාදීමේ වැඩසටහනක්ද සමාගම විසින් ආරම්භ කර තිබේ.
‘මෙම ව්‍යාපෘති සඳහා වැයවන පිරිවැයට අමතරව මෙම ව්‍යාපෘති සම්බන්ධීකරණය, නිරීක්ෂණය සහ යටිතල පහසුකම් ලබාදීම සඳහා විශාල කාලයක් ගත වෙනවා. මේ සියලූ අභියෝග ජයගනිමින් සියැට් කණ්ඩායම මෙම කාර්යන් සිදුකර තිබෙනවා,’ යනුවෙන් ඩඞ්ලානි මහතා පැවසීය. ‘මෙරට ධාවනය කරන සෑම ට‍්‍රක්රථ සහ බස්රථ පහක් අතුරින් තුනකටම සවිකර තිබෙන්නේ සියැට් ටයර්. මෙරට ජනතාව සහ භාණ්ඩ ප‍්‍රවාහනයේදී අපි ඉතාමත් වැදගත් කාර්ය භාරයක් සිදුකරන බව මෙයින් තහවුරු වනවා. මේ නිසා, මෙම අංශවල සුරක්ෂිතභාවය තහවුරු කළ යුතුයැයි හැඟීමක් අපට තිබෙනවා.’
මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි නිෂ්පාදන මෙහෙයුම මගින් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ නිෂ්පාදනය කරයි. 2018 ජනවාරි මාසයේදී සමාගම විසින් නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිවේදනය කළ රුපියල් බිලියන 03 ක ආයෝජනය සමග මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ, යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් නිෂ්පාදනය කරයි.
සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 33% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 65% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 80% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 50% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 31% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය සිදුකරයි.

සේයාරු සටහන - (ඉහළ) සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා (වමේ සිට තුන්වැන්නා) විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වෙත සංකේතාත්මක පරිත්‍යාගයක් කරමින්. (වමේ සිට) සියැට් කැළණි හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විකුණුම් – ඊ කලාපය ඉන්දික ඇල්ලේපොල මහතා සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අරින්දම් චක‍්‍රබාර්ති මහතා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් - පණ්ඩුක ස්වර්ණහංස මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. (පහළ, දකුණුපස) - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා විසින් බස් රථයක් තුල සවිකර ඇති දෑත් සනීපාරක්ෂක උපකරණයක් පරීක්ෂා කරන අයුරු.
Video Story