ශ‍්‍රීලන්කන් ගුවන් පවුලේ අලුත්ම සාමාජිකයා – Airbus A320neo

    February, 27, 2017

    ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම විසින් සිය ප‍්‍රථම, නවතම Airbus ගුවන් යානයේ නිල පියාසැරිය ආරම්භ කිරීම ප‍්‍රකාශයට පත්කර සිටියි. අද දින පෙබරවාරි 27 වැනිදා දිවයිනට පැමිණි A320neo Airbus ගුවන් යානය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා පෙළට එක්වන A320neo සහ A321neo පවුලේ ප‍්‍රථම ගුවන් යානයයි.

    මෙම නව පරම්පරාවේ ගුවන් යානා හඳුන්වා දීම ඔස්සේ ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම සිය ගුවන් මගීන් වෙනුවෙන් සුවිශේෂී, සේවා ප‍්‍රමිතීන්ගෙන් පිරිපුන්, විශිෂ්ට මෙන්ම අගයෙන් ඉහළ සේවාවක් පිරිනැමීමට කටයුතු කරන අතර මෙම ගුවන් යානය, මැදපෙරදිග සහ ආසියා කලාපය කෙරෙහි ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම දක්වා ඇති සිය නවතම ක‍්‍රමෝපායික අවධානය ස්ථාවර කිරීම වෙනුවෙන් එහි ගුවන් යානා පෙළ සමග එක්වෙයි.

    2016 වසරේදී ගුවන් සේවයේ ගුවන් යානා පෙළට එක් කරන ලද පුළුල් බඳ A330 සහ A300 අලූත්ම ගුවන් යානා 7 විසින් එහි දිගු දුර ගුවන් ගමන් අතිශයින් ඉහළ නැංවූ අතර මගීන් සැම දෙනාටම දැන් ඉතා සුවපහසු ආසන පහසුකම් අත්විඳීම, අති නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් විනෝදාස්වාදය සපයන උපාංග පද්ධති, විශිෂ්ට අන්දමින් තිළිණ කෙරෙන ගමනාන්තර ආහාර සැපයීමේ සේවාව සහ මගීන්ගේ සුවපහසුව වෙනුවෙන්ම කැපවුණු ගුවන් සේවිකාවන්ගේ උණුසුම් සත්කාරයන් ද භුක්තිවිඳීමේ අවස්ථාව හිමිවේ.