ශ‍්‍රී ලංකාවේ නැගී එන රැුකියා පියස වන එවර්ජොබ්ස් ශ‍්‍රී ලංකා ආයතනය everjobs Town Day ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් කුඩා නගර හා ගම් දනවු වෙත සමීප වූ වගයි

    July, 13, 2016

    ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාලය පාදක කරගත් රැුකියා පියසක් වන එවර්ජොබ්ස් ශ‍්‍රී ලංකා ආයතනය විසින් මෑතකදී දිවයිනේ කුඩා නගර හා ගම්වල පදිංචිකරුවන් වෙත වඩා වැඩි රැුකියා අවස්ථා උදා කරනු වස් everjobs Town Day නමින් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදි.

    නවතම සංඛ්‍යාන දත්තවලින් හෙළිදරවු වන ආකාරයට තවමත් 400,000 කට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විරැුකියාවෙන් පසු වන අතර ප‍්‍රතිශතයක් ලෙස එය මුලූ ශ‍්‍රම බලකායෙන් සියයට 4.3 කි. මේ අතරම, සේවා නියුක්තිකයන් අතර පවතින දැඩි අර්බුදයක් වන නිපුණතා හිගයද ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඇති කරන්නේ අහිතකර බලපෑමකි. සේවා නියුක්තිකයන්ගෙන් 40‍% ම ප‍්‍රකාශ කරන්නේ රැකියාවක් ලබා ගැනීම සඳහා ඇති විශාලතම බාධාව වන්නේ නිසි අත්දැකීම් හා සුදුසුකම්වල අඩුවක් පැවතීම බවයි. එවර්ජාබ්ස් ශ‍්‍රී ලංකා ආයතනය විසින් everjobs Town Day ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කරන ලද්දේ මෙවැනි ගැටළුවලට විසඳුම් ලබා දීමට දායක වීමේ එක් පියවරක් වශයෙනි. everjobs.lk වෙබ් අඩවියෙහි ලියාපදිංචි වී තමාට වඩාත්ම උචිත රැකියාව සොයා ගන්නා ලෙස තරුණ තරුණියන් දිරිමත් කිරීම ස`දහා දිවයිනේ විවිධ ප‍්‍රදේශ වෙත ගමන් කිරීම එවර්ජොබ්ස් කණ්ඩායම විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ.

    මේ පිළිබදව එවර්ජොබ්ස් ශී‍්‍ර ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ෆීලික්ස් ලීනෝ මහතා ප‍්‍රකාශ කළේ මෙවැන්නක් : ‘‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට මෙවැනි වැඩසටහනක් දියත් කරන්නට අපට හැකි වීම ගැන මට ඇත්තේ විශාල ආඩම්බරයක්. රැුකියා සොයන්නන් වෙත කුසලතා සහ අත්දැකීම් වඩ වඩාත් තිළිණ කිරීමේ අපගේ වෑයම සැබෑ කර ගැනීම වෙනුවෙන්ද එයින් මහත් සේවයක් සැලසෙනවා. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ දහස් ගණනක් වන රැකියා සොයන්නන්ගේ රැකියා සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය දිරිමත් කිරීම ලබා දීමයි. අපට ඔවුන්ගේ සිහින සැබෑවන් කිරීමට හැකියාව ඇති බව මා දැඩිව විශ්වාස කරනවා.

    මෙම everjobs Town Day ප‍්‍රවර්ධන වැඩසටහනට අමතරව දිවයින පුරාවටම වැඩ පදනම් කරගත් පුහුණු වැඩසටහන් ඇතුළු සේවා අත්දැකීම් තිළිණ කිරීම තුළින් තරුණ පරපුර අතර පවතින විරැකියාව මැඩ පැවැත්වීමට එවර්ජොබ්ස් ආයතනය කටයුතු කරයි.