January, 12, 2026
NDB බැංකුව ගනුදෙනුකරුවන්ට පහසු, නම්‍යශීලී සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා බැංකුවේ ඇති කැපවීම තහවුරු කරමින් ටොයොටා ලංකා සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වය හරහා ලොව වඩාත්ම විශ්වාසදායක රථ වාහන පෙළක් පාරිභෝගිකයන්ට ගෙන එයි.
මෙම හවුල්කාරිත්වය මඟින් සේවාවන් හි විශිෂ්ටත්වය පිළිබඳව දැඩි කැපවීමක් සහිත ආයතන දෙකක් වන, ප්රමුඛ මූල්‍ය විසඳුම් සපයන්නෙකු ලෙස NDB බැංකුව සහ ශ්‍රී ලංකාවේ ටොයොටා සහ HINO වාහන වල සුවිශේෂී අලෙවිකරු සහ බෙදාහරින්නා ලෙස ටොයොටා ලංකා ආයතනය සමඟ සම්බන්ධ වේි. මෙම සහයෝගීතාවය හරහා, එක් එක් පුද්ගලයන් වෙනුවෙන්ම සැකසුණුු මූල්‍ය උපදේශනය පිළිබඳ NDB බැංකුවේ විශේෂඥතාව සහ ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ නවෝත්පාදනය සඳහා ටොයොටා සමාගමේ ඇති කීර්ති නාමය සමඟින් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් සඳහා පහසු සහ වඩාත් ප්‍රවේශ විය හැකි ලෙස නිර්මාණය කර ඇති ආකර්ශණීය ලීසිං පහසුකම් වලින් පාරිභෝගිකයින්ට ප්රතිලාභ හිමි කර දෙයි.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, NDB බැංකුව විසින් ටොයොටා වාහන සඳහා සුවිශේෂී ලීසිං විකල්ප මාලාවක් නිර්මාණය කරන අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට තරඟකාරී අනුපාත, වේගවත් සහ පහසු මූල්‍යකරණ අත්දැකීමක් ලඟා කර දෙයි. මෙම හවුල්කාරිත්වය NDB බැංකුවේ ප්‍රවාහන ක්ෂේත්රය කේන්ද්‍ර කරගත් මූල්‍ය පහසුකම් වල වර්ධනය ශක්තිමත් කරන අතර, ප්‍රායෝගික සහ අනාගතයට සූදානම් විසඳුම් සමඟ පෞද්ගලික ගනුදෙනුකරුවන්, වෘත්තිකයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ බැංකුවේ දිගුකාලීන උපාය මාර්ගයට සමපාත වේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා මෙසේ පැවසීය. ‘ NDB බැංකුවේ අපගේ අවධානය සැමවිටම යොමු වී ඇත්තේ දිගුකාලීන වටිනාකමක් සහතික කරමින් ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් උසස් කරන අර්ථවත් මූල්‍ය විසඳුම් සමඟ ඔවුන් සවිබල ගැන්වීමටයි. ටොයොටා ලංකා සමඟ අපගේ මෙම හවුල්කාරිත්වය පෞද්ගලික ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට වඩාත් නම්‍යශීලී සහ පාරිභෝගික කේන්ද්‍රීය ලීසිං පහසුකම් හරහා විශ්වාසදායක ප්‍රවාහන විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි. ඔවුන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියට දැරිය හැකි මිල ගණන් යටතේ, පහසුවකින් සහ විශ්වාසයකින් යුතුව සහාය වීමට අපි බලාපොරොත්තු වෙමු.’
ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය, ‘ටොයොටා ලංකා හි අපි තිරසාර ප්‍රවාහන පහසුකම් තුළින් ජන ජීවිත පොහොසත් කිරීමට කැපවී සිටිමු. NDB බැංකුව සමඟ අපගේ ඇතිකරගත් හවුල්කාරිත්වය හරහා වැඩි ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට ටොයොටා වාහන වල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වඩාත් පහසුවෙන් අත්විඳීමට හැකියාව ලබාදීම අපගේ අරමුණයි. NDB බැංකුව සමඟ එක්ව, සියලූම ශ්‍රී ලාංකිකයින් සඳහා ආරක්ෂිත, බුද්ධිමත් සහ වඩාත් ප්‍රවේශ විය හැකි ප්‍රවාහන අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ අපගේ දැක්ම ඉදිරියට ගෙන යාමට අපි උත්සාහ කරමු.’
1995 දී ආරම්භ කරන ලද ටොයොටා ලංකා සමාගම, ජපානයේ ටොයොටා ට්සුෂෝ සංස්ථාවේ (TTC) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ගෝලීය වශයෙන් ගෞරවාදරයට පාත්‍ර වූ ටොයොටා සමූහයේ ප්‍රධාන සාමාජිකයෙකි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ පුරෝගාමියා ලෙස, ටොයොටා ලංකා සමාගම මගී මෝටර් රථ සහ SUV රථ වල සිට වාණිජ වාහන, ට්‍රක් රථ සහ භාණ්ඩ හැසිරවීමේ උපකරණ දක්වා සියළු වාහන එකම වහලක් යටින් ලබා දීමෙන් ක්ෂේත්රයේ සීමා මායිම් පුළුල් කර ඇත.
මෙම හවුල්කාරිත්වය හරහා, පහසුව, විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම වැඩි දියුණු කරන අර්ථවත් මූල්‍ය විසඳුම් සමඟින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව සිය කැපවීම තවදුරටත් තහවුරු කරයි. ප්‍රවාහන ක්ෂේත්රය වර්ධනය වන විට, රට පුරා පුද්ගල සහ ව්‍යාපාරික අභිලාෂයන් සියල්ලටම සහාය වෙමින් විශ්වාසදායක ගෝලීය මට්ටමේ වෙළඳ සන්නාම සඳහා ප්‍රවේශ වීම පහසු කිරීමට NDB බැංකුව කැපවී සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2025 Asian Banking & Finance Retail Banking සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වසරේ දේශීය පෞද්ගලික බැංකුව සහ වසරේ Islamic Banking Initiative සම්මානයෙන්ද පිදුම් ලැබීය. ප්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.
Video Story