ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලීසිං පහසුකම් තව දුරටත් පුළුල් කිරීම සඳහා NDB බැංකුව යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් සමඟ හවුල් වේ

    October, 28, 2025

    NDB බැංකුව පසුගිය දිනෙක යුනයිටඞ් මෝටර්ස් ලංකා පී. එල්. සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඞ් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුනු අතර ඒ හරහා පාරිභෝගිකයින්ට දැරිය හැකි මිල ගනන් යටතේ නම්‍යශීලී රථ වාහන ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙයි. මෙම හවුල්කාරිත්වය මඟින් යුනිමෝ සමාගමේ ජාත්‍යන්තරව පිළිගත් වෙළඳනාම වල විවිධ රථ වාහන මාදිලි සඳහා ලීසිං අවස්ථා පුළුල් කිරීමට නියමිතය.

    මෙම හවුල්කාරිත්වය යටතේ, වෘත්තිකයන් සහ පළමු වරට වාහන මිලදී ගන්නන් සඳහා නිර්මාණය කර ඇති Perodua, DFSK, JMEV සහ JMC මාදිලි ඇතුළු මගී වාහන සඳහා NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් සකස් කරන ලද ලීසිං පහසුකම් භුක්ති විඳිය හැකිය. ඉක්මන් අනුමැතිය, අවම ලියකියවිලි අවශ්‍යතා සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සමඟින්, NDB බැංකුව වාහන මිලදී ගැනීම සඳහා සුව පහසු වටපිටාවක් සලසයි.

    මෙම සහයෝගිතාවය ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සැපයුම් අංශ සවිබල ගැන්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන JMC සැහැල්ලූ වාණිජ වාහන වැනි වාහන සඳහා ද ව්‍යාප්ත වේ. NDB බැංකුවේ විශේෂිත මූල්‍යකරණ ව්‍යුහයන් මඟින් ව්‍යවසායකයින්ට සහ කුඩා ව්‍යාපාර වලට මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහ විශ්වාසදායක සහ ලාභදායී ප‍්‍රවාහන විසඳුම් සමඟින් වැඩි කාර්යක්ෂමතාවයක් අත්කර ගැනීමට හැකියාව හිමිවේ.

    ‘යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ආයතනය සමඟ අපගේ මෙම හවුල්කාරිත්වය හරහා පුළුල් පරාසයක ගනුදෙනුකරුවන් සඳහා මූල්‍ය ප‍්‍රවේශය ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශ්වාසදායක මගී රථ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලික ගනුදෙනුකරුවන් හෝ වාණිජ ප‍්‍රවාහන විසඳුම් සොයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා NDB බැංකුවේ ලීසිං පැකේජ සුවිශේෂීව නිර්මාණය කර ඇත්තේ මිලදී ගැනීම් වඩාත් පහසු සහ වේගවත් කිරීම සඳහායි” යනුවෙන් NDB බැංකුවේ ලීසිං අංශයේ සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

    ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් සහිත යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ආයතනය, ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා වලට ගැළපෙන නව්‍ය හා ප‍්‍රායෝගික වාහන හඳුන්වා දීම සඳහා කීර්තියක් ගොඩනඟා ගෙන ඇත. පාරිභෝගික කේන්ද‍්‍රීය බැංකු විසඳුම් පිළිබඳ NDB බැංකුවේ ඇති විශේෂඥතාව සමඟින්, විශ්වාසදායක මූල්‍ය සහාය මඟින් සහාය ලබන විශ්වාසදායක, දැරිය හැකි මූල්‍ය විසඳුම් සහ පුද්ගලික ගනුදෙනු කරුවන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ දැක්මක් සහිතව මෙම හවුල්කරීත්වය අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.