September, 2, 2016
රෝහල් සේවා ක්ෂේත්‍රයේ ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණය අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගත් ශ්‍රී ලංකාවේ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් ජාලයට අයත් වත්තල හේමාස් රෝහලේ සිව්වන මහල ඇතුළුව වැඩිදියුණු කරන ලද ශල්‍ය වෛද්‍ය පහසුකම් හේමාස් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 සැප්තැම්බර් 01 වන දින සුවසේවා කටයුතු සඳහා විවෘත විය. හේමාස් රෝහල් සමූහයේ සභාපති මුර්ටාසා එසුෆලි , කළමනාකාර අධ්‍යඬ ආචාර්ය ලකිත් පීරිස් සහ සෞඛ්‍ය සහ විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ රාජ්‍ය නිළධාරීන් ඇතුළු රෝහල් සමූහයේ ඉහළ කළමණාකාරීත්වයද මෙම අවස්ථාවට එක් වූහ.
අභිනවයෙන් ඇරඹි මෙම සිව්වන මහල සමගින් වත්තල හේමාස් රෝහල විසින් වර්තමානයේදී ලබාදෙන සුවසේවාවන් තවත් ශක්තිමත් වන අතර සංකීර්ණ ශල්‍යකර්ම ඇතුළුව ප්‍රධාන පෙළේ රෝහල් සේවා රැසක් දැරිය හැකි මිලකට ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව ලබා ගැනීමට රෝගීන්ට මෙහිදී අවස්ථාව හිමි වනු ඇත. අද දින විවෘත වූ සිව්වන මහල මුළුමනින්ම සංකීර්ණ සැත්කම් සඳහා නිර්මාණය කළ නේවාසික රෝගී කාමර 27 කින් සමන්විත වේ. මෙම නව පරිශ්‍රයේ ඉදිකිරීම්වලට සමගාමීව වත්තල හේමාස් රෝහල් පරිශ්‍රය තුළ ස්ථානගත කර ඇති නවීනතම වෛද්‍ය උපාංගයන්ගෙන් සමන්විත රෝගාබාධ රැසකට ශල්‍ය ප්‍රතිකාර සැපයීමේ පහසුකම්, වැඩි දියුණු කළ විකිරණ පරීක්ෂණ ඒකකයේ අලූතින් ස්ථාපිත කළ සී.ටී ස්කෑන් යන්ත්‍රය (128 slice CT scanner) , වැඩි ඉඩ පහසුකම් සහිත සහ ධාරිතාව පුළුල් කළ කාන්දු පෙරන පහසුකම් ඒකකය (dialysis) සහ ආන්ත්‍රික රෝගා හා සම්බන්ධ විශේෂිත ශල්‍ය ප්‍රතිකාර ඒකකය (Gastroenterology unit) , නව මෞත්‍රලිංග ශල්‍ය ප්‍රතිකාර පහසුකම් (Urological surgery) , උගුර, කණ, නාසය ආශ්‍රිත ශල්‍ය ප්‍රතිකාර පහසුකම් , අස්ථී සහ විකලාංග ශල්‍ය ප්‍රතිකාර පහසුකම් (orthopaedics), සහ ස්නායු ශල්‍ය ප්‍රතිකාර පහසුකම්ද (Neurosurgery facilities) විශේෂයෙන් සඳහන් කළ හැක. වත්තල හේමාස් රෝහලේ ස්ථාපිත විකිරණ ප්‍රතිකාර ඒකකය ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් අතර අති නවීනතම විකිරණ පරීක්ෂා ඒකකය වන අතර මේ අනුව වත්තල හේමාස් රෝහල මගින් රෝගාබාධ රැසක් සඳහා ශල්‍ය ප්‍රතිකාර ඇතුළුව නේවාසික ප්‍රතිකාර රැසක් එකම රෝහල් පරිශ්‍රයකින් ලබා ගැනීමේ පහසුව රෝගීන් වෙත සලසා ඇත. එමෙන්ම වත්තල හේමාස් රෝහල මගින් හඳුන්වාදෙන නවතම අධිතාක්ෂණික ප්ලාස්මා ජීවාණුහරණ ක්‍රමවේදය මගින් සියලූ ශල්‍යකර්මවල ජීවාණුහරණ ක්‍රියාවලිය වඩාත් වැඩිදියුණු කරන අතරම ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මෙම තාඬණය පළමුවරට හඳුන්වා දෙමින් රෝගීන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව හේමාස් රෝහල් සමූහයටම අනන්‍යවූ අසමසම විශිෂ්ටත්ව එලෙසම රැක ගනිමින් සහ සායනික ප්‍රතිඵල අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම රෝහල බවට පත්වනු ඇත.
වත්තල හේමාස් රෝහලේ අභිනව සිව්වන මහල විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ හේමාස් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමූහයන් අතර විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් ලෙසට හේමාස් නාමය දිනා ඇති කීර්තිනාමය අද්විතීයයි. වත්තල හේමාස් රෝහල සඳහා සමූහය විසින් සිදුකළ දැවැන්ත ආයෝජනය තුළින් ද පිළිබිඹු වන්නේ විශAවාසනීය රෝහල් සන්නාමයක් ලෙස රට සහ එහි වෙසෙන ප්‍රජාව සමගින් තිරසරව වර්ධනයවීම සඳහා වන හේමාස් ව්‍යාපාර සමූහයේ උදාර අභිලාශයයි“ යනුවෙන් පැවසීය.
“ද්වීතියික මට්ටමේ රෝහල් සමූහයක් ලෙස මීට වසර 8කට පෙරාතුව හේමාස් රෝහල් සමූහය ආරම්භ කළ ගමන අභිනවයෙන් විවෘත කෙරෙන ශල්‍ය වෛද්‍ය සේවා පරිශ්‍රය සමගින් තෘතියික රෝහල් සේවාව නව හැරවුම් ලක්ෂයක් වෙත ගෙන යන බව මගේ විශ්වාසයි. අති නවීන රෝහල් පහසුකම්, සංකීර්ණ ශල්‍ය පහසුකම් සහ ජාත්‍යන්තර ප්‍රමිතියේ අති විශිෂ්ට රෝගී කළමනාකරණය යන සාධනීය ගුණාංගයන් රැසක් කොළඹින් බැහැරව ජීවත්වන බහුතර ජනතාව වෙත ගෙන යෑමට ද අපට හැකි වී තිඛෙනවා.“ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ සභාපති මුර්ටාසා එසුෆලි මහතා පැවසීය.
වත්තල හේමාස් රෝහලේ අභිනව මහල් පරිශ්‍රය සංකීර්ණ සැත්කම් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති බැවින් මෙහි සිදුකෙරෙන වෛද්‍ය සහ හෙද සේවාවන් රෝගීන් වෙත අඛණ්ඩව ඉහළ අවධානයකින් ලබා දෙනු ඇත. එමෙන්ම සංකීර්ණ සැත්කම්වලදී රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට අවැසි මානසික සුවය නොඅඩුව ලබා දීම සඳහා ද නව කාමර සංකීර්ණයේ වපසරිය තුළ ඉහළ අවධානයක් යොමු කර තිබේ.
“අද දින වත්තල හේමාස් රෝහල් පරිශ්‍රයට අලූතින් එක් කෙරෙන මෙම රෝහල් කාමර සංකීර්ණය හේමාස් රෝහල් සමූහය ආසියාවේ විශිෂAටතම රෝහලක් බවට පත්වීමේ මාහැඟි ඉලක්කය වෙත යන ගමනේ සාධනීය සන්ධිස්ථානයක් බව මම විශ්වාස කරනවා. අති නවීන ශල්‍ය වෛද්‍ය සේවා පහසුකම් අතුළුව ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් ක්ෂේත්‍රයේ අනෙක් රෝහල් සමග සැසඳීමේදී දැරිය හැකි මිලකට ලබා දීම හරහා කොළඹ හා ඉන් බැහැරව වෙසෙන ලාංකිකයින්ට පමණක් නොව කලාපයේ වෙනත් රටවල වෙසෙන ජනතාවටද ප්‍රශස්ත සුවසේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීමටද අපට හැකි වී තිඛෙනවා“ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්‍යඬ ආචාර්ය ලකිත් පීරිස් මහතා සඳහන් කළේය.
නව කාන්දු පෙරන ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා හේමාස් රෝහල් සමූහය විසින් ගනු ලබන තීරණය හරහා වත්තල හේමාස් රෝහලේ කාන්දු පෙරන සේවා ලබා දීමේ හැකියාව දෙගුණයකින් වර්ධනය කිරීමට හැකිව තිබේ. මෙම පියවර හුදෙක්ම ලාභ පරමාර්ථය අභිබවා සේවා සැපයීමේ අභිලාශය පෙරට ගත් අවස්ථාවක් බව වෛද්‍ය ලකිත් පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
වත්තල හේමාස් රෝහලේ ඉදිවූ සිව්වන මහල් පරිශ්‍රය තුළ ස්ථාපන කරන ලද ආන්ත්‍රික රෝගාශ්‍රිත ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (gastroenterology centre) මෙරට රෝහල් ක්ෂේත්‍රයේ පවතින මෙබඳු ආකාරයේ අති නවීනතම ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් ලෙසින් හැඳින්විය හැක.
අන්තර්ජාතික සුවසේවා පිළිබඳව ඔස්ටේ්‍රලියානූ ප්‍රමිතිකරණය (ACHSI) මුල්වරට හිමිකර ගනිමින් එය තවත් වසර හතරක් දක්වා දීර්ඝ කර ගැනීම තුළ රෝහලක පැවතිය යුතු සුරක්ෂිතතාව පිළිබඳව හේමාස් රෝහල් සමූහය දක්වන ඉහළ අවධානය මෙමගින් සනාථ වේ.