January, 16, 2026
දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස් රථයක සියලු පහසුකම් සහිත "බස්ටුරන්" නම් සංචාරක ව්‍යාපාරයක් ඊයේ (15) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරිණි.
දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යවසායකයෙකුගේ යෝජනාවක් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඊට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව, දඹුල්ල මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන සිය සහයෝගය ලබා දී ඇත.
මෙම බස් රථය සංචාරක හෝටලයක් සතු සියලූ පහසුකම්වලින් සමන්විත අතර දඹුල්ල, ඉනාමලුව, කිබිස්ස, සීගිරිය, පැල්වෙහෙර, පිදුරංගල ආදී ප්‍රදේශ හරහා මෙය ගමන් කිරීමට සැලසුම් තර ඇත.
එහි දී එම ප්‍රදේශයේ ඇති වැව් අමුණු, ඓතිහාසික ස්ථාන, ග්‍රාමීය මාර්ග ඇතුළු විවිධ ස්ථාන පසු කරමින් කිලෝමීටර ගණනාවක් පුරාවට සංචාරය කරන අතර තුර බස් රථය තුළ ම සංචාරකයන්ට ආහාරපාන ලබාගැනීමට, විවිධ ක්‍රියාකාරකම් වල නියැලීමට මේ හරහා සැලසුම් කර ඇති බව ධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

Video Story