December, 3, 2025
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් සිදු වෙනු ඇති බවට මත පල වුව ද, එවැනි දෙයක් සිදු වී නොමැති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු පවසන්නේ විදෙස් සංචාරකයින් තමන්ගේ සංචාරයන් සැලසුම් කර ඇති පරිදිම තවමත් මෙරටට පැමිණෙමින් පවතින බවයි.
විදසේ සංචාරකයින් 2700කට වැඩි පිරිසක් සමගින් TUI Cruises විසින් මෙහෙයවනු ලබන Mein Schiff 06 අතිසුඛෝපභෝගී මගී නෞකාව ඊයේ (02) කොළඹ වරාය වෙත සම්ප්‍රාප්ත වූ අතර එම අවස්ථාවට සහභාගී වෙමිනි ඔහු මේ බව පවසා සිටියේ ය.
කෙසේ වෙතත් නුවර එළිය, නුවර ඇතුළු ප්‍රදේශයන් හි ඇති වූ නායයම් නිසාවෙන් එම ප්‍රෙද්ශ වෙත යනු ලබන සංචාරකයන්ගේ අඩු වීමක් පැවතිය ද, අනිකුත් සෑම ප්‍රදේශයන තුළම පෙර සැලසුම් කළ පරිදි සංචාරක පැමිනීමක් දැකිය හැකි බවස අමාත්‍යවරයා පවසා සිටියේ ය.
"අපි සන්තෝස වෙනවා විශේෂයෙන්ම ජර්මනියේ ඉදලා මේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියනවා. 2700කට වැඩි ප්‍රමාණයක්. මේ ස්වාභාවික ව්‍යවසනය නිසා සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් වෙයි කියලා යම් යම් මත පල වුණා. නමුත් ඒහෙම වෙලා නැහැ. සුපුරුදු පරිදි ඒ් යොදාගත් විදිහටම සංචාරකයො ලංකාවට පැමිණෙනවා. නුවර එළිය, නුවර ප්‍රදේශ වල ඇති වෙලා තියන නායයාම් නිසා යම් ප්‍රමාණයක් ඒ ප්‍රදේශයට යන අයගෙ අඩු වීමක් තිබුණත් අනිකුත් සෑම ප්‍රදේශ වලටම කලින් යොදාගත් පරිදි සංචාරකන්ගේ පැමිණීම තියනවා. "
අමාත්‍ය විජිත හේරත් මහතා අනිකුත් සංචාරකයින්ට වෙත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අරාධනා කරමින් පවසා සිටියේ මෙරට තත්ත්වය මේ වන විට යළි යතාතත්ත්වයට පත් වෙමින් පවතින බවයි.
තව ද මෙම අපදාව හමුවේ සිදු වූ විපතෙන් රට යලි මුදවා ගැනීමට ඔවුන් කඩිනමින් කටයුතු කරන බව ද ඔහු එහි දී පවසා සිටියේ ය.
අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම තත්ත්වය කඩිනමින් වෙනස්කර සංචාරකයන්ට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් කඩිනමින් ලබා දී මෙරට සංචාරක කර්මාන්තය ශක්තිමතව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවයි.
"අපි ආරාධනා කරනවා අනිකුත් සංචාරකයින්ට ලංකාවේ තත්ත්වය දැන් යහපත තත්ත්වයට හැරෙමින් පවතිනවා. දවසින් දවස කාලගුණය හොද තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ඒ් ඇති වෙච්ච විපතෙන් රට මුදව ගන්න අපි කඩිනමින් මැදිහත් වෙමින් තියනවා. ඒ නිසා අපේ සංචාරක කර්මාන්තය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න පුළුවන් ඒ විශ්වාසය තියනවා. මේ කණ්ඩායමේ පැමිණීම ඒක හොදයම සහතික කරන ඔප්පු කරන අවස්ථාවක්. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය ඉක්මනින් වෙනස් කරලා සංචාරකයන්ට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් කඩිනමින් ලබා දීලා අපේ සංචාරක කර්මාන්තය ශක්තිමතව ඉස්සරහට ගෙනියන්න."
Video Story