July, 18, 2024
2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 11 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
2024 ජූලි මාසයේ මුල් දින 16 තුළ දී සංචාරකයින් 96,759 ක් මෙරට පැමිණ ඇති අතර ඒ සමඟම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,107,008 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින්ගෙන් ඉන්දියාවෙන් 209,212 ක්, රුසියාවෙන් 116,456 ක්, එක්සත් රාජධානියෙන් 98,358 ක්, ජර්මනියෙන් 75,225 ක් සහා චීනයෙන් 69,872 ක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක මූලාශ්‍ර ලෙසින් දැක්විය හැකිය.


