September, 1, 2016
සියලුම සුපිරි පහසුකම් සමඟ ආසන 34 ක සහිතයි.
සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම මධ්‍යම ප්‍රමාණයේ King Long රථයක් හඳුන්වා දෙයි. King Long වෙළඳ නාමය යටතේ මගී ප්‍රවාහනයට හඳුන්වා දෙන මෙම නවතම රථය වන්නේ මෙයයි. මෙම බස් රථය හඳුන්වා දීම පසුගියදා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශාලතම ප්‍රදර්ශනය වන සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සිදුකෙරිණ.
මෙම නවතම King Long රථය මාදිලි අංක XMQ6901AY ලෙස නම් කර ඇති අතර මෙහි දිග මීටර් 9කි. මඟීන් 34 දෙනෙකුට සුවපහසුව ගමන් කිරීමට හැකි මෙම රථය මෙරට වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය සඳහා ඉතාම යෝග්‍ය වෙයි. 240hp ඉන්ටර්කූලර් ටර්බෝ එන්ජිමක් සහිත මෙම රථය මෙරට මාර්ග පද්ධතියසඳහා වඩාත් යෝග්‍ය වන අතර නවීනතම තාක්ෂණික උපාංග රැසකින් මෙම රථය සමන්විත වේ. ඒ අතර projector-type ඉදිරිපස ලාම්පු,වායු සහායක ගියර් පද්ධතිය, Eton ක්ලච් සහ WABCO බ්‍රේක් පද්ධතියකින් සමන්විත වීම නිසා මගීන්ගේ ආරක්ෂාව අතින් ඉහළ තැනක් ගනියි.
මෙම රථයේ ගමන් ගන්නා මඟීන් සඳහා වන සුපිරි පහසුකම් අතර වායු සමීකරණ, සුවපහසු ආසන, තනි තනි වායු සමීකරණ පාලක සහ කියවීමේ ලාම්පු මෙන්ම අඟල් 18 LED රූපවාහිනී සහ DVD යන්ත්‍ර දෙක බැගින් සවිකර තිබීම ද සුවිශේෂි වෙයි.එමෙන්ම USB චාර්ජින් සොකට් සහ බෝතල් සිසිල්කරණ ආදී පහසුකම් රැසකින් සමන්විත වෙයි. ඝක මීටර් 4.06 ක ප්‍රමාණයක පුළුල් ඉඩ පරාසයක් සහිත මෙම රථයේ බඩු බාහිරාදිය ද ගබඩා කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ප්‍රමාණවත් පරිදි සකසා තිබේ.
මෙම රථය සඳහා සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් වෙතින් වසර දෙකක් හෝ කිලෝමීටර් 100,000 ක් දක්වා විශිෂ්ට වගකීමේ සහතිකයක් ලබා දෙන අතර නියම King Long අතර කොටස් ද සපයනු ලබයි. නඩත්තු කිරීම සහ සේවා කටයුතු පිළිබඳව ද සොෆ්ට්ලොජික් සහය නිරතුරුවම හිමිවන අතර හදිසි අවස්ථාවක දී පැය 24 පුරා මාර්ගස්ථ උපකාරක සේවාව ද ක්‍රියාත්මක වෙයි.
මෙම නව රථය හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් හි මෙහෙයුම් ප්‍රධානි ෂෙහාන් ඩි තිසේරා සඳහන් කළේ වසර 2012 මෙරටට හඳුන්වාදුන් King Long වෙළඳ නාමය මේ වන විට ඉදිරියට පැමිණ ඇති බවයි. මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වනවිට ඊට අවශ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රියාවලියේදී King Long කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් සිටින බව ද හෙතෙම කීය. දේශිය මෙන්ම විදේශීය සංචාරකයින් ප්‍රවාහනය සඳහා යොදාගන්නා King Long මෙරට දේශිය සුපිරි ප්‍රවාහන ක්ෂේත්‍රයට ආදර්ශ සපයා ඇති බව ද හෙතෙම කීය. මෙම නව රථය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාම සඳහා වන සොෆ්ලොජික් ඔටෝමොබයිල්ස් සහ King Long අතර සබැඳියාව තහවුරු කරවන බව ද හෙතෙම සඳහන් කලේය.
මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස්හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ නඩත්තු කිරීම් , අළුත්වැඩියා කිරීම සහ අමතරකොටස් යන අංශ තුන යටතේ ප්‍රමුඛ අවධානය යොමු කරමින් සිය පාරිභෝගික සේවා ක්‍රියාත්මක කරන බවයි.මෙම King Long බස් රථ යළි අලෙවි කිරීමේ වෙළඳපොළ ඉහළ වටිනාකමක් ඇතිකරගැනීමේ මට්ටම දක්වා පාරිභෝගික විශ්වාසය තහවුරු කරගෙන ඇති බව ද හෙතෙම සඳහන් කලේය.

ආසන 34 නවතම King Long රථයේ ප්‍රථම පාරිභෝගිකයා වන එස්. කේ ට්‍රැවල්ස් හි ජේ.එන්.එස්.කේ. ද සිල්වා මහතා වෙත සොෆ්ට්ලොජික් ඔටෝ මෙබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් විසින් එම රථය භාරදීම.
Video Story