January, 19, 2016
තෝරා ගත් රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් සංචාරකත ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අවධානය යොමුව තිබේ. මේ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මහජන සම්බන්ධතා අංශය විසින් මෙලෙස තෝරා ගන්නා රටවල ඉහළ පෙළේ ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙරටට ගෙන්වා ඔවුන් හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවර්ධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වේ.
මෙහි පළමු පියවර වශයෙන් දකුණු කොරියාවේ Korean Broadcasting Systems (KBS) මාධ්‍යවේදීන් කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. කොරියාවේ අතිශයින් ජනප්‍රිය ‘Everywhere K’ වැඩසටහන නිෂ්පාදනය කරනු ලබනුයේ මෙම කණ්ඩායමයි.
මොවුන් වෙනුවෙන් දින 10 ක මෙරට සංචාරයක් සූදානම් කර තිබෙන අතර ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන, වන සංචාර, තල්මසුන් නැරඹීම, සම්ප්‍රදායික දේශීය ජීවන රටා ආදී අත්දැකීම් රැසක් මෙම කොරියානු මාධ්‍ය කණ්ඩායම වෙත ලබා දීමට බලාපොරොත්තු වේ.
මෙම KBS මාධ්‍ය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මෙහිදී සැලසුම් කර තිබෙන අතර එය කොරියානු ජනරජයේ දී විකාශය කිරීමට නියමිතය.
Video Story