සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ගෝලීය වෙළඳ ප්‍රදර්ශන වෙනුවෙන් බිලියන 1.2 ක් වැය කිරීමට සැරසෙයි

    March, 23, 2015

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (Sri Lanka Tourism Promotion Bureau) විසින් 2015 වසරේදී ගෝලීය වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 1.2 ක් ආයෝජනය කිරීමට සූදානම් බවත් මෙම වෙළඳ ප්‍රදර්ශන පවත්වන්නේ මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන වෙළඳපොළවල් සමීක්ෂණය කර ඉතා සැලකිල්ලෙන් තෝරා ගැනීමෙන් පසුව බවත් එහි සභාපති රොහාන්ත අතුකෝරළ මහතා අප සමග සඳහන් කළේය.

    මෙම වෙළඳ ප්‍රදර්ශන මගින් මෙරට සන්නාමය වඩාත් ප්‍රචලිත කරමින් මෙරටට වඩ වඩාත් සංචාරකයින් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇත.