February, 9, 2026
2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 378.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් 2025 සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 400.7 හා සැසඳීමේ දී මෙය 5.6%ක අඩුවීමක් පෙන්නුම් කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 ජනවාරි මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 277,327කි. මේ අනුව එක් සංචාරකයෙකුගෙන් ලද ඉපැයීම් ප්‍රමාණය ඩොලර් 1,364.09 ක් පමණ වේ.
2025 ජනවාරි මාසයේ ඩොලර් මිලියන 400.7ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 252,761 ක් පමණක් පැමිණීමත් සමඟිනි. ඒ අනුව එම කාලපරිච්ඡේදය තුළ එක් සංචාරකයෛකුගෙන් ලද ඉපැයීම ඩොලර් 1,585 ක් ලෙසින් ගණනය කළ හැකිය. එය 2026 ජනවාරි මාසයේ දී ඩොලර් 1,364 ක් දක්වා පහළ ගොස් ඇත.
මේ අනුව 2026 ජනවාරි මාසයේ 2025 ජනවාරි මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම් වල ඉහළ යාමක් වාර්තා දැකගත හැකි වුව ද, පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එක් සංචාරකයෙකුගෙන් ලබන ඉපැයීම් හි පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිවේ.

Video Story