December, 29, 2025
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) දින අලුත් වී තිබේ.
ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි.
ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට පැමිණි, පවුලක් වන - මහාචාර්ය ෆීලික්ස් බෙස්ලින් පෙරෙයිරා මහතා, රීනා ෆර්නැන්ඩස් මහත්මිය සහ ඈන් ක්රිස්ටිනා පෙරෙයිරා මෙනවිය මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර ඇත.
මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කරනු ලබයි.
සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස දිගටම පවතින අතර, විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි.
දිට්වා සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන වව ද, ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසා සිටියි.
Video Story