සංචාරක පැමිණීම එකොළොස් ලක්ෂය ඉක්මවයි

    June, 25, 2025

    2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,123,289ක් බව ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙයි.

    වසරේ මේ දක්වා අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ රට ලෙස තවමත් ඉන්දියාව පෙරමුනේ පසුවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 231,564ක් ලෙසයි.

    දෙවනුවට රුසියාවෙන් සංචාරකයින් 111,940ක් සහ තෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 103,990ක් ලෙස වසරේ ගතවූ කාල සීමාව තුළ වැඩි වශයෙනක් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    ජුනි මාසයේ පළමු දින 22 තුළ ද 27,504ක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්.