December, 3, 2024
2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,804,873 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දේ.
මෙම දත්ත වාර්තාවලට අනුව 2024 නොවැම්බර් මාසයේ දී පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 184,158 ක් වන අතර එය 2023 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණි 151,496 ක සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 21.56% ක වර්ධනයකි.
සුපුරුදු පරිදි වැඩිම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන තර එම ප්‍රමාණය 41,120 ක් හෙවත් නොවැම්බර් මාසයේ සමස්ත සංචාරක පැමිණීමෙන් 22.3% ක පංගුවකි.
මේ අතර ශිශිර සෘතුවේ ආරම්භයත් සමඟින් රුසියානු සංචාරකයින්ගේ පැමිණීමෙහි කැපීිපනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒ අනුව නොවැම්බර් මාසය තුළ දී 29,053ක රුසියානු සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති බව වාර්තා වේ. 2024 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය දැක්වුණේ 10,367 ක් ලෙසිනි.
මීට අමතරව එක්ස්ත් රාජධානියෙන් 12,912 ක් සහ ජර්මනියෙන් 12,593 ක් ලෙසින් නොවැම්බර් මාසය තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ වේ.
නොවැම්බර් මාසයේ අවසාන දිනය වූ නොවැම්බර් 30 වන දින 8,859 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි.



