සංචාරක පැමිණීම දහතුන් ලක්ෂ හතළිස්දහස ඉක්මවයි

    July, 31, 2025

    2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම කාල සීමාව තුළ 1,341,953ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

    මේ දක්වා වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව අඛණ්ඩව පෙරමුනේ පසුවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 274,919ක් ලෙසයි.

    තව ද එක්සත් රාජධානියෙන් 128,062ක් සහ රුසියාවෙන් 115,036ක් ලෙස පිළිවෙලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    මේ අතර ජුලි මාසයේ පළමු දින 27 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 173,909ක් ලෙසයි.

    ඒ අතරින් 7,579ක වැඩිම සංචාරකයින් පිරිසක් ජූලි 26 වන දා මෙරටට පැමිණ ඇත.