සංචාරක පැමිණීම දහනව ලක්ෂය පනී

    December, 18, 2024

    2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.9ක සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ 15 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,901,988ක් ලෙසයි.

    දෙසැම්බර් මාසයේ පළමු දින 15 තුළ දී පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 97,115ක් වන අතර ඒ අතරින් 21,174ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

    මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 13,762ක්, එක්සත් රාජධානියෙන් 7,417ක් සහ ජර්මනියෙන් 6,574ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.