February, 24, 2026
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක දැක්වෙන්නේ 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් ප්‍රමාණය 505,751ක් බවයි.
එහිදී 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 228,424ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ 2026 පෙබරවාරි මාසයේ ගෙවී ගිය සති තුනේ දී, එක් එක් සතිය තුළ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගොස් තිබීමයි. ඒ පෙබරවාරි පළමු සතියේ 70,355ක්, දෙවන සතියේ 77,870ක් සහ තෙවන සතියේ 71,101ක් ලෙසිනි.
පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 22 තුළ දී පැමිණි සංචාරකයින්ගෙන් 16%ක් එනම් 37,216ක් ඉන්දියාවෙන් සහ 11%ක් එනම් 25,867ක් එක්සත් රාජධානියෙන් මෙරට පැමිණ තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව, පෙබරවාරි මාසයේ ඉහළ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට අතිරේක දායකත්වයක් ලබා දීමට සමත්ව ඇත.




Video Story