November, 17, 2025
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත්ව ඇති බවට වාර්තා වෙයි.
අද (17) පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ප්‍රංශය ජාතික යුවළකගේ පැමිණීමත් සමඟ මෙලෙස සංචාරක පැමිණීම විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත් වී ඇත.
එලෙස මෙරටට පැමිණි විදෙස් ජාතික රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන අයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමිවුණි.
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් සති දෙකක කාළයක් මෙරට තුළ රැදී සිටිමින්, සංචාරයෙහි මෙන්ම සාප්පු සවාරි වල යෙදීමට නියමිත බවට වාර්තා වෙයි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Video Story