December, 12, 2024
2018 වසර ආරම්භයේ සිට දෙසැම්බර් 08 දින දක්වා කාලය තුළ දී මෙටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,852,048 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
2024 දෙසැම්බර් මුල් දින 08 තුළ මෙරටට පැමිණ තිබෙන 47,175 ක සංචාරකයින් සංඛ්‍යාවත් සමඟින් මිලියන 1.85 ක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට මේ වන විට හැකි වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 වසරේ මුල් මාස 11 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,806.5 ක් බවයි. මෙය 2023 වසෙර් මුල් මාස 11 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,798.7 හා සැසඳීමේ දී 56% ක වර්ධනයකි.
2024 සංචාරක පැමිණීමෙහි නවතම සංඛ්‍යාලේඛන කිහිපයක් පහතින් දැක්වේ.
Video Story