November, 7, 2025
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහනම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2025 නොවැම්බර් 05 දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ 2025 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ දී සංචාරකයින් 32,815ක් මෙරටට පැමිණ ඇති බවයි.
ඒ සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ 7,412ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 1වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.
වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 431,235ක්, එක්සත් රාජධානියෙන් 177,167ක්, රුසියාවෙන් 138,061ක්, ජර්මනියෙන් 119,415ක් සහ චීනයෙන් 113,619ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.




Video Story