May, 21, 2024
2024 මැයි මාසයේ පළමු දින 19 තුළ දී විදෙස් සංචාරකයින් 72,912 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 857,563 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මැයි මාසයේ පළමු දින 19 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 25% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 17,904 කි.
මීට අමතරව මාලදිවයිනෙන් 6,777 ක්, ජර්මනියෙන් 5,995 ක් සහ එක්සත් රාජධානියෙන් 4,947 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
Video Story