May, 2, 2025
අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ දී 165,113ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 887,389ක් බවයි.
අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව මෙවරත් ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 35,886ක් ලෙසයි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 16,833ක්, රුසියාවෙන් 12,925ක් සහ ජර්මනියෙන් 11,262ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
මේ අතර 2025 වසරේ පලමු මාස තුන තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,122.3ක සංචාරක ඉපැයීමක් වාර්තා කර ඇත. එය 2024 වසරට සාපේක්ෂව 9.4%ක වර්ධනයකි.



Video Story