April, 1, 2016
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ වන විට ලෝක ජනගහනයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිත කරනු ලබන අතර, සංචාරකයන්ට සිය සංචාරක ගමනාත්තයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී හා සංචාරක ගමනාන්තයන් ප්‍රචලිත කිරීමේදී අන්තර්ජාලය මාධ්‍ය කොට ගත් ඩිජිටල් හා සමාජ මාධ්‍ය අලෙවිකරණයට ප්රමුඛස්ථානයක් හිමි වී තිබීම හේතුකොට ගෙන මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත.
Video Story