May, 17, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් සංජය ගුණවර්ධන මහතා පත්කර තිබේ.
සම්පත් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියගේ නිල ධුර කාලය එළඹෙන සැප්තැම්බර් 23 දින අවසන් වීමට නියමිත අතර ඒ අනුව බැංකුවේ වර්තමාන ප්‍රධාන මූලෝපායික නිලධාරීවරයා වන සංජය ගුණවර්ධන මහත එම තනතුරට පත් කිරීමට සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.
මේ අතර බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වශයෙන් දීපාල් ද සිල්වා මහතා 2025 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බවද සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story