February, 22, 2016
පසුගිය සිකුරාදා (19) අවසන් වුණු සංවර්ධන බැඳුම්කර නිකුතුවේ දී නිකුතු කළ ප්‍රමාණය මෙන් සිව් ගුණයකට ආසන්න ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 75 කින් යුතු වූ මෙම නිකුතුව වෙනුවෙන් ලංසු භාර ගැනීමට 2016 පෙබරවාරි 15 සිට පෙබරවාරි 19 දින දක්වා කාලය තුළ විවෘතව පැවිතිණි.
මෙහිදී වසර 1 යි මාස 1 ක පරිණත කාලයක් වෙනුවෙන් ඩොලර් මිලියන 290.5 ක ලංසු ඉදිරිපත්ව ඇති අතර ඉන් ඩොලර් මිලියන 247.15 ක ලංසු අනුමත කෙරී ඇත. එසේම වසර 2 යි මාස 2 ක පරිණත කාලයක් සදහා ඩොලර් මිලියන 52 ක ලංසු ඉදිරිපත් වී තිබූ අතර එයින් ඩොලර් මිලියන 47 ක ලංසු භාර ගෙන ඇත. වසර 4 යි මාස 4 ක පරිණත කාලයන් වෙනුවෙන් පාවෙන පොළී අනුපාතිය යටතේ ඩොලර් මිලියන 0.25 ක ලංසු ඉදිරිපත් වී තිබුණු අතර ඒවා අනුමත කෙරී නැත.
මේ අනුව අනුමත කර ඇති සම්පූර්ණ බැඳුම්කරවල වටිනාකම ඩොලර් මිලියන 294.15 කි.
පාවෙන පොළී අනුපාතිකයන් යටතේ ලංසු භාර ගැනීමට මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. වසර 1 යි මාස 1 ක සහ වසර 4 යි මාස 4 ක පරිණත කාලයන් වෙනුවෙන් ස්ථාවර පොළී අනුපාතිකය යටතේ ලංසු ඉදිරිපත් නොවීමත් වසර 2 යි මාස 2 ක පරිණත කාලය වෙනුවෙන් ඉදිරිපත් වූ ඩොලර් මිලියන 0.2 ක ලංසු ප්‍රතික්ෂේප කිරීමත් මීට හේතු වී තිබේ.
Video Story